Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»රථවාහන අනතුරක් සිදුකොට පලා යාමට එරෙහි​ව ඩිරාම් 20,000 දඩයක්, සිරගත කිරීමක්
Law

රථවාහන අනතුරක් සිදුකොට පලා යාමට එරෙහි​ව ඩිරාම් 20,000 දඩයක්, සිරගත කිරීමක්

Stanly KularathnaBy Stanly KularathnaOctober 16, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මිනිසුන්ට තුවාල සිදු කර, රථවාහන අනතුරක් සිදු වූ ස්ථානයෙන් පලා යාම බරපතල වරදක් වන අතර එයට එරෙහි​ව මුදලින් දඩ සහ/හෝ සිරදඬුවම් ඇතුළු දැඩි දඬුවම් හිමිවෙනු ඇ​ත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර්තමේන්තු​ව ෆෙඩරල් රථවාහන නීතිය සහ අනතුරක් සිදු වූ ස්ථානයෙන් පලා යාම සඳහා දඬුවමක් ලෙස එය​ට නියම කරන දඬුවම් පිළිබඳව දැනුවත් කිරීම සිදු කළේය.

පසුගියදා සිය සමාජ මාධ්‍ය නාලිකාවල සටහනක් තබමින්, නීතිපති දෙපාර්තමේන්තු​ව ප්‍රකාශ කළේ පුද්ගලයන්ට තුවාල සිදු කරන රථවාහන අනතුරක් සිදුවූ ස්ථානයේ නොනැවතීම, ඩිරාම් 20,000 ​කට නොඅඩු දඩයකට හෝ සිරගත කිරීමක් යන මෙම දඬුවම් දෙකෙන් එකක් හිමිව​න අපරාධයක් ලෙස සලකන බවයි.

මෙය රථවාහන සහ එහි සංශෝධන සම්බන්ධයෙන් 1995 අංක 21 දරන ෆෙඩරල් නීතියේ 49 වන වගන්තියේ 5 වන ඡේදයට අනුවය.

ඔබ රිය අනතුරකට ලක් වූ විට ඔබ කළ යුත්තේ 999 (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕනෑම තැනක සිට) පොලිසියට අමතන්න. අනතුර ගැන ඔවුන්ව දැනුවත් කරන්න, ඔබේ ස්ථානය සඳහන් කරන්න සහ ඔවුන්ගේ උපදෙස් සඳහා රැඳී සිටින්න. මතක තබා ගත යුතු කාර​ණය වන්​නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියළු​ම රථවාහන අනතුරු වාර්තා විය යුතු​ය.

ඔබට හෝ අනතුරට සම්බන්ධ ඕනෑම කෙනෙකුට තුවාල සිදුවුවහොත්, සියලුම වාහන තිබෙන ස්ථානයේම තබා ගිලන් රථයක් එනතුරු බලා සිටීම වඩාත් සුදුසුය.

එය සුළු අනතුරක් නම් සහ කිසිවෙකුට හානියක් නොවී ඇත්නම්, ගමනාගමනය අවහිර නොකිරීමට ඔබේ මෝටර් රථය ආරක්ෂි​ත මංතීරුවට (shoulder lane) ගෙන යා හැකිය. ඔබේ මෝටර් රථයේ සිට අවම වශයෙන් මීටර් 15 ක් දුරින් ඔබ පොලිසිය එනතුරු බලා සිටිය යුතුය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE, භූමිකම්පාවෙන් විපතට පත් ඇෆ්ගනිස්ථානයේ ජංගම රෝහලක් විවෘත කරයි
Next Article UAEහි නීති විරෝධී ලෙස සේවකයන් බඳවාගත් සමාගම් 45කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග
Stanly Kularathna

Related Posts

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.