Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Municipality»ඩුබායි පාපැදි ධාවන පථ පිරිසිදු කිරීම​ට රියැදුරු රහිත ස්වයංක්‍රීයව ධාවනය ව​න වාහනයක් හඳුන්වා දෙයි
Dubai Municipality

ඩුබායි පාපැදි ධාවන පථ පිරිසිදු කිරීම​ට රියැදුරු රහිත ස්වයංක්‍රීයව ධාවනය ව​න වාහනයක් හඳුන්වා දෙයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 27, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි මහ නගර සභාව විසින් ස්වයංක්‍රීයව ධාවනය වන විද්‍යුත් පිරිසිදු කිරීමේ වාහනයක් හඳුන්වා දී ඇති අත​ර එමගින් ඩුබායි හි වෙරළ අවට පාපැදි ධාවන පථ පිරිසිදු කිරීම ස්වයංක්‍රීය කිරීමට නියමිතය.

X වෙත නිවේදනයක් ගෙනයමින් ඩුබායි මහ නගර සභාව ඩුබායිහි වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ අරමුණු සඳහා මෙම නව ව්‍යාපෘතිය සිදු කරන බව ප්‍රකා​ශ කළේය.

“ඩුබායි මහ නගර සභාව Jumeirah සහ Umm Suqeim වෙරළ තීරයේ පාපැදි මාර්ග පිරිසිදු කිරීම සඳහා ස්වයංක්‍රීයව ධාවනය වන විද්‍යුත් වාහනයක් අත්හදා බලන බව නිවේදනය කර ඇත” යනුවෙන් ඩුබායි මහ නගර සභාව පළ කොට තිබිණි.

මෙම ව්‍යාපෘතිය කසළ ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට සහ “ඩුබායිහි සියලුම පහසුකම් සහ සංචාරක ගමනාන්තවල පිරිසිදුකම සහ සෞන්දර්යාත්මක ආකර්ෂණය පවත්වා ගැනීමට” ඔවුන් දරන උපායමාර්ගික ප්‍රයත්නවල කොටසක් බව එම නිවේදන​යේ වැඩිදුරටත් සඳහන් වේ.

ඩුබායි මහ නගර සභාව “පරිසර දූෂණය සහ කාබන් විමෝචනය අවම කිරීම සඳහා ස්වයංක්‍රීය සහ විද්‍යුත් වාහන ඇතුළු නවතම තාක්‍ෂණයන් භාවිතා කරන” බව ද එහි සඳහන් වේ.

මෙම නව වාහනයෙහි ඉදිරිපස පිරිසිදු කිරීමේ භ්‍රමණ බුරුසු වලින් සමන්විත වන අතර රියදුරෙකුගේ අවශ්‍යතාවයකින් තොරව ක්‍රියාත්මක වේ. වාහනයේ සංවේදක වලින් සමන්විත වන අතර එමඟින් මාර්ග හරහා ගමන් කරන මගීන් හඳුනා ගන්නා අතර ගැටුම් වළක්වා ගැනීම සඳහා ස්වයංක්‍රීයව තිරිංග යෙදීම සිදුකරයි.

ශ්‍රමික භාවිතයට සාපේක්ෂව ඉහළ ඵලදායිතාවයක් ඇති මෙම රියදුරන් රහිත පිරිසිදු කිරීමේ වාහනය එක් ආරෝපණයකින් අඛණ්ඩව පැය 8ක් ක්‍රියාත්මක කළ හැක.

වාහනය පරිසර හිතකාමී වන අතර සාමාන්‍ය මාදිලියේදී පැයට කිලෝමීටර 40 ක සාමාන්‍ය වේගයකින් ක්‍රියා කළ හැකිය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ග්‍රාමීය ප්‍රදේශවල කිලෝමීටර් 38 ක අභ්‍යන්තර මාර්ග යටිතල පහසුකම් සංවර්ධන​ය​ට
Next Article දකුණු අප්‍රිකාවට තියුණු ජයක්
Stanly Kularathna

Related Posts

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.