Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඉන්දියානුවෝ ලෝක ශුරයන් ගෙදර යවති
Events

ඉන්දියානුවෝ ලෝක ශුරයන් ගෙදර යවති

Stanly KularathnaBy Stanly KularathnaOctober 30, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දියාව සහ එංගලන්තය අතර ලක්නව් නුවර ඒකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් ලකුණු 100 ක පහසු ජයක් වාර්තා කිරීම​ට ඉන්දියාව සමත් විය. මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග එංගලන්තයට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව ගිළිහී ගියේය.

එංගලන්තයට මූලික වටයේ තවත් තරගය 3 ක් ඉතිරිව ඇති අතර එම තරග 3 ම ජයගත්තද ලබාගත හැකි වන්නේ ලකුණු 8 ක් පමණි. ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවන නවසීලන්තය සහ ඕස්ට්‍රේලියව මේ වන විටත් ලකුණු 8 බැගින් ලබා සිටින බැවින් ඔවුන් තවත් එක් ජයග්‍රහණයක් පමණක් ලැබුවද, එංගලන්තයට ඔවුන් පසුකර යෑමට නොහැකි වනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 230 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට මොහොමඩ් සාමි සහ ජස්ප්‍රීට් බුම්රා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 34.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණූ 129 ක් පමණි. එහිදී සාමි ලකුණූ 22 කට කඩුළු 4 ක්ද, බුම්රා ලකුණු 32 කට කඩුළු 3 ක්ද දවාගැනීමට සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුළු 9 ක් දැවී ලකුණු 229 ක් ලබාගත් අතර ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක රෝහිත් ශර්මා පන්දු 101 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 87 ක් රැස්කළේය. ආදිල් රෂීඩ්ගේ පන්දුවක් හමුවේ ලයෑම් ලිවිංස්ටන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යෑම හේතුවෙන් ඔහුට 32 වැනි එක්දින ශතකය ලබාගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.

ලෝකේෂ් රාහුල් (39) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 11 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශර්මා සමත් වූ අතර පන්දු 58 කදී වාර්තා වූ රාහුල්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 49 ක් ලබා සිටි සූර්ය කුමාර්යා දව්, අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ ඩේවිඩ් විලීගේ පන්දුවක් හමුවේ ක්‍රිස් වෝක්ස් අතට උඩ පන්දුවක් දෙමිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩේවිඩ් විලී නිලකුණු ඕවර 2 ක් සමග ඕවර 10 ක් යවමින් ලකුණු 45 කට කඩුළු 3 ක් බිඳහෙළූ අතර ක්‍රිස් වෝක්ස් ලකුණු 33 කට කඩුළු 2 ක්ද, ආදිල් රෂීඩ් ලකුණු 35 කට කඩුළු 2 ක්ද දවාගනිමින් ඉන්දීය පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා විලීට අනගි සහායක් ලබාදුන්හ.

ඉන්දියාව – ඕවර 50 කදී කඩුළු 9 ක් දැවී 229

(රෝහිත් ශර් මා 87, ලෝකේෂ් රාහුල් 39, සූර්ය කුමාර් යාදව් 49, ජස්ප්‍රීට් බුම්රා 16, ඩේවිඩ් විලී 45/3, ක්‍රිස් වෝක්ස් 33/2, ආදිල් රෂීඩ් 35/2)

එංගලන්තය – ඕවර 34.5 කදී සියලු දෙනා දැවී 129

(ඩේවිඩ් මැලන් 16, මුයින් අලී 15, ලයෑම් ලිවිංග්ස්ටන් 27, ඩේවිඩ් විලී 16, මොහොමඩ් සාමි 22/4, ජස්ප්‍රීට් බුම්රා 32/3, කුල්දීප් යාදව් 24/2)

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි RTA සංචාරක හැසිරීම් සමීක්ෂණයේ දෙවන අදියර දියත් කරයි
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෙර භාවි​ත මෝටර් රථ ව්‍යාපාරයේ ශීඝ්‍ර වර්ධනයක්
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.