එළවළු ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2025) මුල් මාස තුනේ දී රුපියල් මිලියන 37,513 ක මුදලක් වැය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

2024 වර්ෂයේ මුල් මාස තුනේ දී එළවළු ආනයනය කිරීම සඳහා වැය කර ඇත්තේ රුපියල් මිලියන 32,093කි. ඒ අනුව ඉකුත් වර්ෂයේ මුල් මාස තුනට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස තුනේ දී එළවළු ආනයනය කිරීම සඳහා වැය වී ඇති මුදල සියයට 16.9කින් වැඩි වී ඇත.

මෙම වර්ෂයේ මාර්තු මාසයේ දී පමණක් එළවළු ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 13,223ක මුදලක් වැය වී ඇත. ඉකුත් වර්ෂයේ මාර්තු මාසයේ දී ඒ සඳහා වැය වී ඇත්තේ රුපියල් මිලියන 12,182ක මුදලකි.