Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඇෆ්ඝනිස්ථානුවෝ ශ්‍රී ලංකාව පරදවති
Events

ඇෆ්ඝනිස්ථානුවෝ ශ්‍රී ලංකාව පරදවති

Stanly KularathnaBy Stanly KularathnaOctober 31, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පූනේ නුවර මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී ඊ​යේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරී​මට ඇෆ්ඝනිස්ථානය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 242 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථානුවෝ ඕවර 45.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව පියවරක් පසුපසට ඇද දමමින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි ඇෆ්ඝනිස්ථානය, අවසන් පූර්ව වටය කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු ඉහළ දමාගැනීමටද සමත් විය. එහිදී ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ මාර්ගය තවත් අවහිර වූ අතර ඒ සඳහා ඔවුන් ඉතිරිව ඇති තරග 3 ම ජයගත යුතුව ඇත.

නායකත්වයේ පිතිහරඹයක නිරත වූ හෂ්මතුල්ලා ශහිදි (නොදැවී 58), සිවුවැනි කඩුල්ල වෙනුවෙන් අස්මතුල්ලා ඔමර්සායි (නොදැවී 73) සමග එක්ව පන්ඳු 104 කදී ලකුණු 111 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. එහිදී පන්ඳු 74 කට මුහුණදුන් හෂ්මතුල්ලා, හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්ඳු 63 කදී වාර්තා වූ අස්මතුල්ලාගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

ඇෆ්ඝනිස්ථාන ඉනිමේ පළමු ඕවරයේ සිවුවැනි පන්ඳුවේදීම රහ්මනුල්ලා ගුර්බාස්ගේ කඩුල්ල බිඳදැමීමට ඩිල්ෂාන් මධුෂංක සමත් වූ නමුත් ඊබ්‍රහීම් සද්‍රාන් (39) සමග එක්වූ රාමට් ෂා, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 97 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. එම සම්බන්ධතාව නිමාවට පත් වූයේද ඩිල්ෂාන්ගේ පන්ඳුවක් හමුවේ දිමුත් කරුණාරත්න අතට උඩ පන්ඳුවක් දෙමින් සද්‍රාන් දැවී යෑම හේතුවෙනි.

කෙසේ වුවත් ඉන් නොනැවතුණ රාමට් ෂා, නායක හෂ්මතුල්ලා සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්ඳු 67 කදී තවත් ලකුණු 58 ක් එක්කරමින් ඇෆ්ඝනිස්ථානයට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය. එහෙත් පන්ඳු 74 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 62 ක් ලබා සිටියදී කසුන් රාජිතගේ පන්ඳුවක් හමුවේ දිමුත් කරුණාරත්න අතට උඩ පන්ඳුවක් ලබාදීම හේතුවෙන් ෂාට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්ථාන නායක හෂ්මතුල්ලා ඔමර්සායිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්ඳුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 241 ක් ලබාගත්තේය. ලකුණු 185 කට කඩුලු 7 ක් බිඳවැටී තිබියදී ඇන්ජලෝ මැතිව්ස් (23) සමග එක්වූ මහීෂ් තීක්ෂණ (29), අටවැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 42 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබීය.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 15 ක් ලබා සිටියදී ෆසාල්හක් ෆරූකිගේ පන්ඳුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී ගිය නමුත්, නායක කුසල් මෙන්ඩිස් (39) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 77 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදීමට පැතුම් නිස්සංක (46) සමත් විය.

මෙවර තරගාවලියේදී පිට පිටම අර්ධ ශතක 4 ක් ලබා සිටි පැතුම් මෙම තරගයේදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ අස්මතුල්ලා ඔමර්සායිගේ පන්ඳුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රහ්මනුල්ලා ගුර්බාස් අතට උඩ පන්ඳුවක් දෙමිනි. ඒ වන විට පන්ඳු 60 කට මුහුණදී සිටි ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්ව තිබිණි.

පැතුම්ගේ දැවී යෑමෙන් අනතුරුව සදීර සමරවික්‍රම (36) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්ඳු 57 කදී ලකුණු 50 ක් එක්කිරීමට කුසල් සමත් වුවද, ලකුණු 5 ක් ඇතුළත ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට මුජිබුර් රහමන් සමත් වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 139 කට කඩුලු 4 ක් ලෙස මහත් අසීරු තත්වයකට පත් විය. චරිත් අසලංකට (22) සහ ධනංජය ද සිල්වාටද (14) වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඇෆ්ඝනිස්ථාන පන්ඳු යවන්නෝ ඉඩක් ලබා නොදුන්හ.

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDubai Fitness Challenge මාසය ඇර​ඹෙයි
Next Article 2023 නොවැම්බර් මාස​ය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල ​පහල​ට ​​
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.