Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»“මේ කණ්ඩායමෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ”
Events

“මේ කණ්ඩායමෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ”

Stanly KularathnaBy Stanly KularathnaNovember 13, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ගියේ එක්දින තරගවලදී අත්දැකීම් අඩු කණ්ඩායමක් බවත් ඔවුන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වීම අසීරු බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊ​යේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.

“බොහෝ දෙනා කියනවා බලාපොරොත්තු ගොඩක් තිබුණා කියලා. ඒත් මම හිතන්නේ අපේ බලාපොරාත්තු ගැන අපි යථාර්ථවාදී විය යුතුයි” යැයි ද ඔහු කීවේය.

මහේල ජයවර්ධන මහතා මෙසේද පැවැසීය. “ලෝක කුසලාන තරගාවලියට යන්න ඉස්සර වෙලා අපි ක්‍රීඩා කළේ සුදුසුකම් තේරීමේ තරගාවලියකට. අපි ඒකෙන් තේරිලා තමයි ලෝක කුසලාන තරගාවලියට ගියේ. එතැනදීම අපි දැනගත්තා අපි ඉන්නේ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් අතරේ අවසන් කණ්ඩායම් දෙකේ කියලා. ඒක මගින් පෙන්නුම් කළේ පසුගිය අවුරුදු දෙකේදීම අපි සෙල්ලම් කරපු ආකාරයයි.

අපි පසුගිය මාස 16 ක පමණ කාලයේදී එක්දින තරග 35 ක් විතර ක්‍රීඩා කළා. අපේ ජයග්‍රහණ ප්‍රතිශතය 20% විතර ඉඳලා 50% කට විතර නැග්ගා. අපි තරග 25ක් විතර දිනලා තරග 13 ක් පැරදුණා. ඒ හින්දා අපි නිවැරදි දේ කළා කියන්න පුළුවන්.

හැකියාවන් අරන් බැලුවාම, විශේෂයෙන්ම අනෙකුත් කණ්ඩායම් එක්ක සංසන්දනය කරද්දි, අපි මීට වඩා දියුණු වෙන්න ඕනේ. ළමයි සේරම ඒ ගැන දන්නවා. අපි සාකච්ඡා කරද්දි ඒගොල්ලන් වුණත් කීවේ ඒක තමයි.

පන්දු යැවීමෙන් වුණත්, පිතිහරඹයේදී වුණත්, අපි මීට වඩා ස්ථාවර වෙන්න ඕනේ. ඒත් මගේ විශාලතම ප්‍රශ්නය තමයි අපේ පන්දු රැකීම. පිටියේදී අපේ පන්දු රැකීම කොහොමටවත් හොඳ නෑ. අපි තරගාවලිය පුරාම උඩපන්දු 16 ක් අතහැරියා. ඒක තමයි මේ තරගාවලියේ කණ්ඩායමක් අතහැරපු වැඩිම උඩපන්දු සංඛ්‍යාව. විශේෂයෙන්ම දුර්වල පන්දු යවන්නන් පිරිසක් එක්ක තරගයකට යනකොට, පන්දු රකින්නන්ගෙන් ඒ අඩුව පිරවෙන්න ඕනෑ. ඔවුන් පුහුණුවීම්වලදීත් අනෙක් අවස්ථාවලදීත් මහන්සියෙන් වැඩ කළා තමයි. ඒත් තරගයට ගියාම, ඔවුන් උඩපන්දුවක් බලාපොරොත්තු වෙන ආකාරය, ඒ වෙත අවතීර්ණ වෙන ආකාරයේ විශාල අඩුපාඩුකම් තිබුණා. ඒක එන්නේ පළපුරුද්දත් එක්කයි.

අවුරුදු දෙකකට ඉස්සරවෙලා, තේරීම් කමිටු නිලධාරීන් සහ පුහුණුකරුවන් එක්ක මේ කණ්ඩායම සූදානම් කරන කොට අපි එක දෙයක් දැනගෙන හිටියා. ඒ තමයි අපි මේ ලෝක කුසලාන තරගාවලියට යන්නේ අත්දැකීම් අඩු ක්‍රීඩකයන් පිරිසක් එක්ක කියලා. මේ වගේ ඉහළ මට්ටමේ තරගාවලියක, ඉහළින්ම සිටින කණ්ඩායම් එක්ක සෙල්ලම් කරද්දී, අපිට එක්දින තරග 150 ක් නැත්නම් 200 ක් විතර ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ඉන්න ඕන. එහෙම වුණා නම් මේක වෙනස් කතාවක් වෙන්න තිබුණා.

අපිට ඒ අත්දැකීම් තිබුණේ නෑ. ඒක එක්තරා විදියක ආයෝජනයක්. එදා කණ්ඩායම සූදානම් කරද්දි අපි ඒක දැනගෙන හිටියා. අපි කටයුතු කළේ ඒ වෙනුවෙන්” යයි ද මහේල ජයවර්ධන මහතා කීවේය.

මේ අතර, දසුන් ශානක දිගින් දිගටම කණ්ඩායමේ රඳවාගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී මහේල කියා සිටියේ දසුන්ට ආබාධයක් ඇතිවූ බවත්, එම ආබාධය සුව වීම සඳහා සුමාන දෙකක් හෝ 3 ක් යන බව දැනුම් දුන් බවත්ය.“අපේ සංයුතිය අනුව තමයි අපි දසුන්ව තියාගත්තේ. දසුන් හොඳ වුණොත් අයෙත් කණ්ඩායමට එකතු කරන්න. දවස් 10 ක් 12 ක් යද්දී දසුන් සම්පූර්ණ සුවය ලැබුවා.

අපි ඉන්දියාවට ගියාම, ඒ තණතීරු හැසිරෙන හැටි අපි දැක්කා. ඒවායේ ලකුණු ගලාගෙන ආවේ ඉතාමත් වේගයෙන්. අපි ඒ ගැන අපේ පිතිකරුවන් එක්ක කතා කළත්, අපේ අයට ඒක ඒ තරම් හුරු පුරුදු දේවල් නොවේ. විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලියට ඉස්සරවෙලා අපි ක්‍රීඩා කරපු තණතීරුවල ඒ විදිහට ක්‍රීඩා කරන්න පහසුකමක් තිබුණේ නෑ.

ඒක ඇත්තටම අපේ හැකියාවන් මොන වගේද, අපි දිනන්නේ කොහොමද කියලා තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්. අපි සෙල්ලම් කළේ මන්දගාමී තණතීරුවල. එහෙම ක්‍රීඩා කරලා එක පාරටම ඉන්දියාවේ තිබුණා වගේ තණතීරු ලැබුණාම, පිතිකරුවන් එයාලගේ පහර තේරීම ගැන ඒ තරම් විශ්වාසයක් තියන්නේ නෑ. මොකද ඒ ගොල්ලන් ඒකට හුරු වෙලා තිබුණේ නෑ.

එක පැත්තකින් ඒක අභියෝගයක්. විශේෂයෙන්ම ඉතාමත් හොඳ පන්දු යවන්නන් පිරිසක් හමුවේ. ඒක තමයි සාකච්ඡා කළේ. ඒ නිසා අපි ක්‍රීඩකයන්ට නිදහස දුන්නා ගිහිල්ලා ඒ අයට හුරු පුරුදු විදිහට ක්‍රීඩා කරන්න කියලා.

මම හිතන්නේ අපිට තිබුණ වැදගත්ම තරගය තමයි පාකිස්තානයට එරෙහිව පැවැති තරගය. අපි ලකුණු 340ක් ලබාගත්තත් අපිට ඒක ආරක්‍ෂා කරගන්න බැරිවුණා. ඒත් අපි ඒක ආරක්‍ෂා කරගත්තා නම්, තත්ත්වය මීට වඩා හුඟාක් වෙනස් වෙන්න තිබුණා. විශේෂයෙන්ම ඒකෙන් එන විශ්වාසනීයත්වයත් එක්ක.

ඇත්තටම ලෝක කුසලාන තරගාවලියට ඉස්සරවෙලා අපි පන්දු යවන්නන් කීප දෙනෙක් ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒත් අවාසනාවකට වගේ අපිට ඒ පන්දු යවන්නන් පස් දෙනා තරගාවලියට ගෙනියන්න බැරි වුණා. පසුගිය මාස 16 ක කාලයේදීම, මේ පන්දු යවන්නන් පස් දෙනා, අපට එක තරගාවලියකදී ක්‍රීඩා කරවන්න බැරි වුණා. මේවා තමයි අපි ඉගෙන ගත යුත්තේ. ඒ කියන්නේ අපි ක්‍රීඩකයන්ව රඳවා ගන්නේ කොහොමද කියන එක. අනෙක් අතට ක්‍රීඩකයන් වුණත්, මීට වඩා වගකීමෙන් තම තමන් ගැන, තමන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන බලාගන්න ඕනේ.

ඒකකයක් හැටිය, අපට තියෙන හැකියාවන් ගැන බැලුවාම, ඔවුන් දන්නවා ඔවුන් ඉන්නේ කොතැනද කියලා” යයි ද මහේල පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් මෙසේ කීවේය. “ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වැරදුණා. ඉන්දියාව එක්ක තරගයේදී දෙවැනියට පන්දුවට පහර දෙද්දි තණතීරුව හැසුරුණු ආකාරය ටිකක් වෙනස් වුණා. අපි විතරක් නෙමේ තවත් කණ්ඩායම් කීපයක්ම ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරද්දි අඩු ලකුණුවලට දැවී ගියා. මේ වෙලාවේ ඉන්දීය කණ්ඩායම, පන්දු යැවීම පැත්තෙන් ගත්තත්, පිතිහරඹයෙන් ගත්තත් ලෝකයේ අංක 1 තැන ඉන්නේ.

කිසිම තරගයක් අපි පරදින්න බලාගෙන සෙල්ලම් කරන්නේ නෑ. එක කණ්ඩායමක් එක්ක දෙපාරක්ම ඒක වෙන්න බැහැ. අපි ඒක පිළිගන්නවා. අපි අතින් වරදක් වුණා. ලකුණු 50 ට අවුට් වෙනවද, 100 ක් ගහනව ද, 200 ක් ගහනවාද කියලා අපි කලින් හිතාගෙන යන්නේ නෑ… ක්‍රිකට් ක්‍රීඩාවෙදි එහෙම කරන්න බෑ” යයි ද කුසල් මෙන්ඩිස් පැවසීය.

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article​“locked chats” සඳහා WhatsApp රහස් කේත විශේෂාංගය හඳුන්වාදෙයි
Next Article 2024 වර්ෂයට නියමිත අයවැය වාර්තාව අද (13)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.