Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»එමීර් රාජ්‍යයේ ආනන්ද-නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ විශිෂ්ඨ ජයක් ආනන්දයින් හිමි කර ගනී.
Events

එමීර් රාජ්‍යයේ ආනන්ද-නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ විශිෂ්ඨ ජයක් ආනන්දයින් හිමි කර ගනී.

adminBy adminNovember 15, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
battle of the maroons-UAE-Ananda-2
battle of the maroons-UAE-Ananda-2
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමීර් රාජ්‍යයේ වෙසෙන, කොළඹ ආනන්ද විද්‍යාලයයීය  හා කොළඹ නාලන්දා විද්‍යාලයයීය ආදි සිසුන්  අතර 14 වැනි වරටත් දිවංගත ආචාර්ය පී. ද එස්. කුලරත්න කුසලානය වෙනුවෙන් පැවැති ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික ක්‍රිකට් තරගයෙන් මෙවර ආදි ආනන්දයයීන්  පහසු ජයග්‍රහණයක් හිමි කර ගත්හ.

අජ්මාන් හි මලෙක් ක්‍රීඩාංගනයේදී මෙම තරගාවලිය පැවැත් විණ. මෙහිදී කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දුවට පහර දුන් ආදි නාලන්දයීය පිල ඕවර 20 කදී ලකුනු 133 ක් කඩුලු අටකදී  ලබාගන්නා ලදී.  ආනන්දයීන් ඉතා පහසුවෙන් ඕවර 18 යි  එක් පන්දු වාරයක් තුලදී කඩුලු 4 ක් දැවී ලකුණු 134 ක්  ලබා ගත්හ.

පන්දුවෙන් පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ආනන්දය වෙනුවෙන් දිලින් අල්විස් සහ කඩුලු 2ක් ලබා ගනිමින් කුශ් විජේවර්ධන ද , පිතිකරණයෙන්  තරිදු පත්තප්පෙරුම , දිනේශ් ද සිල්වා සහ නායක නිමේශ් තාජුඩීන්ද දස්කම් දක්වන ලදී. 

තරගයේ වීරයා ලෙස කුෂ් විජේවර්ධන ( ආනන්ද ),  හොදම පිතිකරු ලෙස තරිදු පත්තප්පෙරුම  (ආනන්ද ) , හා හොදම පන්දු යවන්නා ලෙස ආනන්ද ආදි සිසු දිලින් අල්විස් තේරී පත් විය.  

නාලන්ද ඉනිම වෙනුවෙන් සමීර අබේසිංහ නොදැවී (ලකුනු 32 )ක් රැස් කරමින් දස්කම් දැක්වූ අතර, කෝසල පල්ලෙවෙල (ලකුණු 26),  කාවින්ද ගමගේ (ලකුණු 20),  දිලින් අල්විස් (කඩුලු 3ට ලකුණු 14), කුෂ් විජේවර්ධන (කඩුලු 2 ට ලකුණු 22) හා සුරේශ් සිල්වා (කඩුලු 2 ට ලකුණු 25) ක් ලබා ගත්හ.

ආනන්ද ඉනිම – නිමේෂ් තාජුඩීන් (ලකුණු 31),  තරිදු පත්තප්පෙරුම (ලකුණු 48),  දිනේෂ් D සිල්වා (ලකුණු 27 )

ලයනල් මෙන්ඩිස්  අනුස්මරණ කුසලානය සදහා පැවති ආනන්ද , නාලන්ද දෙවන පෙල තරගය ඉතා තියුනු තරගයකින් අනතුරුව අන්තිම පන්දුවෙන් ආනන්දයට දෙවෙනි වරටත්  ජය හිමි වුනි. ආනන්ද ඉනිම කඩුලු 9ට ලකුණු 166 ක් රැස් කල අතර නාලන්ද ඉනිමේදී කඩුලු 9 ට ලකුණු 165 ක් හිමි කර ගත්හ.

මෙහිදී ආනන්දයේ නන්දන ලංකාතිලකගේ සහ යොශාන් ගුනසේකරගේ තුන් ඉරියව් දස්කම් මෙම ජයග්‍රහනයට විශාල පිටුවහලක් විය. නාලන්දය වෙනුවෙන් චානක සේනාතිලක පිත්තෙන් දස්කම් දක්වන ලදී. තරගයේ වීරයා – යොෂාන් ගුණසේකර ( ආනන්ද ) , හොදම පන්දු යවන්නා උත්පල ජයවීර ( ආනන්ද ), හා හොදම පිතිකරු ලෙස චානක සේනාතිලක ( නාලන්ද )  තේරී පත්විණි.

දිවංගත ආචාර්ය පී. ද එස්. කුලරත්න කුසලානය වෙනුවෙන් පවත්වනු ලැබූ  ආදි ආනන්ද නාලන්ද රග්බි තරගයද ලකුණු 16- 4 ක් ලෙස  පහසුවෙන් ජයග්‍රහණය කරමින් ඉතිහාසයේ පලමු වරට ආනන්දය, තරග ත්‍රිත්වයම විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින් ඉතිහාසය අලුත් කරන ලදී.

Dubai Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleFlydubai, ඩොලර් බිලියන 11 ක බෝයිං ගුවන් යානා 30ක් ඇණවුම් කරයි
Next Article WhatsApp වෙතින් පෙරළිකාර voice chat විශේෂාංගයක්
admin
  • Website

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.