Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඩිල්ෂාන් මධුශංක ICC ලෝක කුසලාන කණ්ඩායමට
Events

ඩිල්ෂාන් මධුශංක ICC ලෝක කුසලාන කණ්ඩායමට

Stanly KularathnaBy Stanly KularathnaNovember 21, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රිකට් තරු කිහිපයක් එක්කොට ලෝක ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇති අතර, එම කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ඩිල්ෂාන් මධුසංඛට අවස්ථාව හිමිව තිබේ. නම්කර ඇති කණ්ඩායමට රටවල් පහක ක්‍රීඩකයින් ඇතුළත්ව සිටින අතර, ශ්‍රී ලංකාවෙන් මධුසංඛ පමණක් තෝරා ගැනීම විශේෂත්වයකි.

හම්බන්තොට හුංගම විජයබා විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි 23 හැවිරිදි වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ සිය පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විශාල ආකර්ශනයක් දිනා ගත්තේය. ඔහු නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරග 9කදී ඕවර් 78.2ක් යවා ලකුණු 525කට කඩුලු 21ක් දවා ගත්තේය.

ලෝක ක්‍රිකට් කිරුළ හිමිකරගත් ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ග්ලෙන් මැක්ස්වෙල් හා ඇඩම් සම්පා සිටින අතර, අනු ශූරතාව දිනාගත් ඉන්දියාවෙන් රෝහිත් ෂර්මා, විරාත් කෝලි, කේ.එල්. රාහුල්, රවීන්ද්‍ර ජඩේජා, ජස්ප්‍රිත් බුම්රා හා මොහොමඩ් ෂාමි යන ක්‍රීඩකයින් 6කට අවස්ථාව හිමිව ඇත.

මෙම අයිසීසී ලෝක ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරා ගන්නා ලද අතර, එම තේරීම් කමිටුවට හිටපු බටහිර ඉන්දීය ක්‍රීඩක හා විස්තර විචාරක ඉයන් බිෂොප් මහතා, දකුණු අප්‍රිකාවේ රූපවාහිනී ක්‍රිකට් විස්තර ප්‍රකාශිකා කස් නයිඩෝ මහත්මිය, ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක හා විචාරක ෂේන් වොට්සන් මහතා, අයිසීසී සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් මහතා සහ අහමදාබාද් මිරර් ක්‍රීඩා මාධ්‍යවේදී සුනිල් වෛද්‍ය මහතා එක්ව සිටියහ.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය පිලට නායකත්වය දුන් රෝහිත් ෂර්මා, ක්වින්ටන් ඩී කොක් සමඟ ආරම්භක පිතිකරු ලෙස නම් කොට ඇත. මෙවර තරගාවලියේදී රෝහිත් ෂර්මා ශතකයක් හා අර්ධ ශතක 3ක් ලබාගත් අතර, ක්වින්ටන් ඩී කොක් ශතක 4ක් වාර්තා කිරීමට සමත් විය.

අනුපිළිවෙළ අනුව අංක 3 පිතිකරු ලෙස නම්කොට ඇති විරාත් කෝලි ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු සටහනේ ඉහළින්ම සිටි අතර, ඔහු ශතක 3ක් හා අර්ධ ශතක 6ක් රැස් කළේය. කෝලි 95.62ක සාමාන්‍යයක් සහිතව ලකුණු 765ක් රැස්කරමින් 2003 ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 673ක් රැස්කරමින් සචින් තෙන්ඩුල්කාර් තබා තිබූ වාර්තාව බිඳ දැමීමට සමත් වූවේය.

අංක 4 හි පන්දුවට පහරදීම උදෙසා නම්කොට සිටින මිචෙල්, ඔහුගේ පළමු මංගල ඕවර 50 ලෝක කුසලාන තරගාවලියේදී ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් ලැබීය. කේ.එල්. රාහුල් ශතකයක් හා අර්ධ ශතක 2ක් වාර්තා කළ අතර, අංක 6 ස්ථානයේ සිටින මැක්ස්වෙල් ශතක දෙකක් ලැබීය. ඇෆ්ගනිස්තානයට එරෙහිව මැක්ස්වෙල් නොදැවී වාර්තා කළ ලකුණු 201 ඕස්ට්‍රේලියාවට අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයක් සහතික කිරීමට හේතු විය.

ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම පිතිකරණ අනුපිළිවෙළ අනුව මෙසේය.

  • ක්වින්ටන් ඩි කොක් -කඩුලු රකින්නා ලකුණු 594යි. සාමාන්‍ය 59.40 (දකුණු අප්‍රිකාව),
  • රෝහිත් ෂර්මා ලකුණු 597යි. සාමාන්‍ය 54.27 (ඉන්දියාව),
  • විරාත් කෝලි ලකුණු 765යි. සාමාන්‍ය 95.62 (ඉන්දියාව),
  • ඩැරල් මිචෙල් ලකුණු 552යි. සාමාන්‍ය 69.00 (නවසීලන්තය),
  • කේ.එල්. රාහුල් ලකුණු 452යි. සාමාන්‍ය 75.33 (ඉන්දියාව),
  • ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 400යි. සාමාන්‍ය 66. 66. පන්දු යැවීම ඕවර් 68.3 ලකුණු 330ට කඩුලු 6යි (ඕස්ට්‍රේලියාව),
  • රවීන්ද්‍ර ජඩේජා ලකුණු 120යි. සාමාන්‍ය 40. 00. පන්දු යැවීම ඕවර් 93.3 ලකුණු 398ට කඩුලු 16යි (ඉන්දියාව),
  • ජස්ප්‍රිත් බුම්රා පන්දු යැවීම ඕවර් 91.5 ලකුණු 373ට කඩුලු 20යි (ඉන්දියාව),
  • ඩිල්ෂාන් මධුසංඛ පන්දු යැවීම ඕවර් 78. 2 ලකුණු 525ට කඩුලු 21යි (ශ්‍රී ලංකාව),
  • ඇඩම් සම්පා පන්දු යැවීම ඕවර් 96 ලකුණු 515ට කඩුලු 23යි (ඕස්ට්‍රේලියාව),
  • මොහොමඩ් ෂාමි පන්දු යැවීම ඕවර් 48.5 ලකුණු 257ට කඩුලු 24යි (ඉන්දියාව)
  • 12 වැනි ක්‍රීඩකයා: ජෙරල්ඩ් කොට්සි පන්දු යැවීම ඕවර් 63.3 ලකුණු 396ට කඩුලු 20යි (දකුණු අප්‍රිකාව)
Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආජන්ටිනාවේ නව ජනපති ලෙස ජාවියේ මිලෙයි පත් වෙයි.
Next Article ඩුබායි පුනර්ජනනීය බලශක්තිය ප්‍රභවයන් අතරින් සූර්ය බලශක්තිය ඉදිරියෙන්
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.