Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ චීන රජයෙන් ඉදි කිරීමට සැලසුම්.
sri Lankan special

ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ චීන රජයෙන් ඉදි කිරීමට සැලසුම්.

kumudikaBy kumudikaNovember 22, 2023Updated:November 22, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,  චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යිකින් (Shen Yiqin) මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පසුගිය සදුදා (20) පැවැත්විණි.

ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඉතා ඉහළින් අගය කරන බවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමේ විශාල හැකියාවක් පවතින බවත් මෑත කාලීන ණය අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහයට ස්තූතිවන්ත වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

සෘජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයෝජන සහ අපනයනය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර සඳහා ආයෝජන මෙන්ම, පවතින ආර්ථික ප්‍රශ්නවලට දිගුකාලීන විසඳුම් ලබාදීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනයට චීනයෙන් ලැබෙන, සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවට පමණක් නොව අනෙකුත් ණය දෙන රටවලට සහ ජාත්‍යන්තර නියෝජිත ආයතනවලට චීනයේ සහයෝගය ලැබීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා විශ්වාසයක් ලබා දී ඇති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සමස්ත චීන කාන්තා සම්මේලනයේ සභාපතිනිය ද වන විශේෂ නියෝජිත ෂෙන් යිකින් මහත්මිය පැවසුවේ, ශ්‍රී ලංකාව චීනයේ සමීපතම මිතුරෙකු ලෙස සලකන බවත්, සහයෝගීතාව මෙන්ම නව ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමටත්, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන්, අධ්‍යාපනය සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර පුළුල් කිරීමටත් බලාපොරොත්තු වන බවත්ය.

දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය දැකීමෙන් චීනය සතුටට පත්වන බව පැවසූ චීන රාජ්‍ය මන්ත්‍රීවරිය ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ ප්‍රයත්නයන් සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය සහතික කළාය.

මෙම හමුවේදී දීර්ඝකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ චීන තානාපති කිව් ෂෙන් හොං (Qi Zhenhong) මහතා ආගමික බැඳීම්වල කල්පවත්නා සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාව ළඟදීම ඉදිකිරීමට චීනය යෝජනා කරන බව සඳහන් කළේය.

ජාත්‍යන්තර සමුළුවලදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහය දැක්වීමේ චීන ස්ථාවරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂ සඳහනක් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ෂෙන් යිකින් (Shen Yiqin) මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නිදහස සහ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් චීනය සැමවිටම පෙනී සිටින බවයි.

මෙම අවස්ථාවට චීන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, ගීතා කුමාරසිංහ හා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් සමග අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකද එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම තවදුරටත් ගෙන යාමට ICC ය තීරණය කරයි.
Next Article 2024 වසර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ නිවාඩු දින නිවේදනය කරයි
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.