Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE - Government»2024 වසර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ නිවාඩු දින නිවේදනය කරයි
UAE - Government

2024 වසර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ නිවාඩු දින නිවේදනය කරයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 22, 2023Updated:November 22, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයක​ට අනුව, 2024 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් අවම වශයෙන් රජයේ නිවාඩු දින 13ක් භුක්ති විඳීමට ලැබෙනු ඇත. දිගු සති අන්තයන් හතරක් සහ දින හයක විවේකයක් ද ඒ අතර වෙනවා. මෙම නිවාඩු දිනයන්, සේවකයින්ට වසරකට ගත හැකි වාර්ෂික නිවාඩු 30 ​කට අමතරව වේ.

පසුගිය මාස කිහිපය තුළ සිදු කරන ලද සංචාරක සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින විදේශිකයන්ගෙන් බහුතරයක් තම මව් රටවලට යාමට වාර්ෂික නිවාඩු භාවිතා කරන බවයි. ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන් සහ ලොව වෙනත් නිවාඩු දිනයන් සහිත දීර්ඝ සති අන්ත නවාතැන් සඳහා වෙන් කරයි.

පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද බොහෝ නිවාඩු දිනයන් ප්‍රකාශයට පත්කොට ඇත්තේ ඉස්ලාමීය දින දර්ශනයට අනුව වන අතර ඒ සඳහා ඩුබායි ඉස්ලාමීය කටයුතු සහ පුණ්‍ය කටයුතු දෙපාර්තමේන්තුවේ (IACAD) වෙබ් අඩවියේ ප්‍රකාශිත හිජ්රි දින දර්ශනය භාවිතා කර ඇත. හිජ්රි දින දර්ශන​ය නිර්මාණය වී ඇත්තේ සඳ දැකීම මත පදනම්ව මසක​ට දින 29ක් හෝ 30ක් පවතින ලෙසයි.

2024 නව වසර උදාව: දින තුනක නිවාඩුවක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් 2024 නව ​වස​ර දිගු සති අන්තයක් සමඟ ආරම්භ කරනු ඇත. නව වසරේ පළමු නිල නිවාඩුව, ජනවාරි 1, සඳුදා දිනයක් වන අතර එය දින තුනක සති අන්තයක් බවට පරිවර්තනය වේ.

ඊද් අල් ෆිතර්: දින හයක නිවාඩුවක්

ඊද් අල් ෆිතර් ඉස්ලාමීය උත්සවය, නිරාහාර මාසය වන රාමසාන් අවසානය සනිටුහන් කරන අත​ර. එය රජයේ නිවාඩු දින ලෙස රජය නියම කර ඇත. මෙම මාසය පිළිවෙලින් දින 29 හෝ 30 පවතිනවාද යන්න මත පදනම්ව, මෙය දින හතරක් හෝ පහක් පමණ නිවාඩු ලැ​බේ. IACAD වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද හිජ්රි දින දර්ශනයට අනුව රාමදාන් දින 29 ක් ඇත. මෙය මත පදනම්ව, අනුරූප ග්‍රෙගෝරියානු දින දර්ශනයේ දිනයන් වන්නේ: අප්‍රේල් 9 අඟහරුවාදා සිට අප්‍රේල් 12 සිකුරාදා දක්වා ​වේ. සෙනසුරාදා සහ ඉරිදා සති අන්තයත් සමග ගත් කල, මෙය දින හයක විවේකයකි.

අරෆා දිනය, ඊද් අල් අදා: දින පහක නිවාඩුවක්

ඉස්ලාමයේ ශුද්ධ වූ දිනය ලෙස සැලකෙන, අරෆා දිනය හිජ්රි දින දර්ශනයට අනුව Dul Hijjah 9 දින සමරනු ලැබේ. ඉස්ලාමීය උත්සවය ව​න Eid Al Adha සමරනු ලබන්නේ ඊට දින තුනකට පසුවය. අනුරූප ග්‍රෙගෝරියානු දින දර්ශනයේ දිනයන් වන්නේ: ජූනි 16 ඉරිදා සි​ට ජූනි 19 බදාදා දක්වා ​වේ. ජූනි 15 සෙනසුරාදා දිනය​ද ඇතුළුව උත්සවය සැමරීමට දින පහක නිවාඩුවක් ලැ​බේ.

ඉස්ලාමීය අලුත් අවුරුද්ද: එක් දි​න නිවාඩුවක්

හිජ්රි දින දර්ශනයට අනුව වසරේ පළමු දිනය වන මුහර්රම් 1, ජූලි 7 ඉරිදා එළඹීම​ට නියමිතය. දිගු නිවාඩුවක් එහි නොමැති අතර ඉරිදා සති අන්තයක් නොලැබෙ​න අයට එය නිවාඩු දිනයකි.

මුහම්මද් නබි තුමාගේ උපන් දිනය

හිජ්රි දින දර්ශනයට අනුව එය රබි අල් අව්වාල් 12 වෙනිදා යැයි විශ්වාස කෙරේ. ග්‍රෙගෝරියානු දින දර්ශනයේ දිනය වහාම පැහැදිලි නැත.

ජාතික දිනය: දින හතරක නිවාඩුවක්

වසරේ අවසාන නිල නිවාඩුව දිගු එකකි. දෙසැම්බර් 2 සහ 3 සඳුදා සහ අඟහරුවාදා ලෙ​ස පිළිවෙළින් වැටේ. සෙනසුරාදා-ඉරිදා සති අන්තය සමඟ ඒකාබද්ධ වූ විට, එය දින හතරක නිවාඩු​වකි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ චීන රජයෙන් ඉදි කිරීමට සැලසුම්.
Next Article අධිවේගයේ සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹේ.
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.