Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Rank»දුරස්ථ වැඩ සඳහා එමීර් රාජ්‍යය, කලාපී​ය වශයෙන් ප්‍රථම ස්ථානයටත් ගෝලීය වශයෙන් සිව්වන ස්ථානයටත්
Rank

දුරස්ථ වැඩ සඳහා එමීර් රාජ්‍යය, කලාපී​ය වශයෙන් ප්‍රථම ස්ථානයටත් ගෝලීය වශයෙන් සිව්වන ස්ථානයටත්

Stanly KularathnaBy Stanly KularathnaDecember 20, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

VisaGuide.World හි නව ශ්‍රේණිගත කිරීමකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය දුරස්ථ වැඩ සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස මැදපෙරදිග පළමු සහ ගෝලීය වශයෙන් සිව්වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

VisaGuide.World වෙබ් අඩවිය, වීසා ක්‍රමවේදයන්හි සඵලතාවය අධීක්‍ෂණය කිරීම සහ ඇගයීම මෙන්ම, ඩිජිටල් ක්ෂේත්‍ර​ සහ අනෙකුත් පහසුකම් ආශ්‍රයෙන් රටවල ප්‍රගතිය ද මැන බලයි.

වෙබ් අඩවියට අනුව විවිධ සාධක මත පදනම්ව ශ්‍රේණිගත කිරීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව සහ රුමේනියාවට පසු සිව්වන ස්ථානයට පත්ව ඇත.

කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් ආර්ථිකය සහ දුරස්ථ වැඩ යෙදුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඕමාර් බින් සුල්තාන් අල් ඔලාමා පැවසුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් ​නයාන්ගේ නායකත්වයෙන් සහ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්මක්ටුම් ගේ නියෝග මත හඳුන්වාදී ඇති විවිධ ඩිජිටල් ක්ෂේත්‍රයන්හි ඔප්පු කර ඇති සාර්ථකත්ව​යක් ස​හ පුරෝගාමී වාර්තාවක්​ සහිත බවයි. දුරස්ථ වැඩ සඳහා නම්‍යශීලී සහ අනාගතය ඉලක්ක කරගත් ක්‍රමවේදයක් ස්ථාපිත කර ඇති අතර, එය කාර්යක්ෂමතාව, අනුවර්තනය වීමේ හැකියාව සහ අභියෝග සඳහා සූදානම් වීමේ ආදර්ශයක් බවට පත්ව ති​බේ.

අල් ඔලාමා පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උසස් ඩිජිටල් යටිතල පහසුකම් මගින් බල ගැන්වෙන දුරස්ථ වැඩ පද්ධති සඳහා ශක්තිමත් පදනමක් දමා ඇති බවයි. එය ලොව පුරා රාජ්‍යයන් සහ ආර්ථික පද්ධතිවල වැඩකටයුතුවලට බෙහෙවින් බාධා ඇති ක​ළ COVID-19 වසංගතය විසින් ගෙන එන ලද ප්‍රධාන අභියෝග ජය ගැනීමට හැකියාව ලබාදී තිබෙනවා.

VisaGuide.World ලොව පුරා රටවල වීසා ප්‍රතිපත්ති වෙනස් කිරීම් පිළිබඳ සරල තොරතුරු, ප්‍රවෘත්ති සහ වැදගත් යාවත්කාලීන තොරතුරු සැපයීම මගින් සංචාරක සහ ප්‍රවේශ වීසා පිළිබඳ විශේෂිත වූ මාර්ගගත තොරතුරු මාර්ගෝපදේශයක් ලෙස සේවය කරයි. එහි වීසා සහ බදු ප්‍රතිපත්ති, අන්තර්ජාල වේගය, වීසා ඉල්ලුම්පත්‍ර සඳහා ආදායම් අවශ්‍යතා, ජීවන වියදම සහ රටේ සංචාරක ආකර්ෂණ ස්ථාන සඳහා ඇගයීම් නිර්ණායක කිහිපයක්​ද ඇත.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමරාතීකර​ණ අමාත්‍යාංශය ජනවාරි 1 වන දින සි​ට ඩිරාම් 50,000 ට අඩු ආරවුල් විසඳීම ආරම්භ කරයි
Next Article ඇපල් උපාංග භාවිතා කරන්නන් සඳහා ආරක්ෂක අනතුරු ඇඟවීමක්
Stanly Kularathna

Related Posts

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.