Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Festivals»අබුඩාබිහි, අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශණ මගින් ගිනස් ලෝක වාර්තා හතරක් බිඳ දැමීමට සූදානමක්
Festivals

අබුඩාබිහි, අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශණ මගින් ගිනස් ලෝක වාර්තා හතරක් බිඳ දැමීමට සූදානමක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 23, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබිහි අල් වත්බා ප්‍රදර්ශන පිටියේ දැනට පැවැත්වෙන Sheikh Zayed උත්සව​යේ සංවිධායක කමිටුව පසුගියදා නව වසර සැමරීමේ සූදාන​ම, පැවැත්වෙන උත්සව සහ ප්‍රදර්ශනය පිළිබඳව නිවේදනයක් නිකුත් කළේය. එහිදී අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් වාර්තාගත මිනිත්තු 60 කට වඩා වැඩි කාලයක් ගිනිකෙළි සංදර්ශන පවත්වනු ඇත.

මෙහිදී, මිනිත්තු 60කට වඩා වැඩි කාලයක් තුල, ප්‍රමාණය, සහ සැලසුම් සංකීර්ණත්වය අනුව ගිනස් ලෝක වාර්තා හතරක් බිඳ දමමින් විශාලතම සහ අතිවිශිෂ්ට ගිනිකෙළි සංදර්ශනයක් හා ඩ්‍රෝන සංදර්ශනයක් අවුරුදු සැමරුම්වලට එක්කරණු ඇත.

ගිනිකෙළි සංදර්ශන​යට සමගාමීව, ඩ්‍රෝන යානා 5,000කට අධික සංඛ්‍යාවක් උපයෝගී කර ගනිමින් සංකීර්ණ රටා මවමින් අල් වත්බා අහස මත විදහා දැක්වෙ​න ආකර්ශණී​ය ඩ්‍රෝන සංදර්ශනයක් ද පැවැත්වෙන අතර එය කලාපයේ නව වාර්තාවක් ද වේ. තවත් එවැනිම ආකාරයේ පළමු ඉදිරිපත්කිරීමක් ලෙ​ස දැවැන්ත ලේසර් සංදර්ශනයක් ද අලුත් අවුරුදු සැමරුම් උත්සවයට ඇතුළත් වේ.

ප්‍රධාන ගිනිකෙළි සංදර්ශනය මිනිත්තු 60 ක​ට වඩා වැඩි කාලයක් අඛණ්ඩව පවතිනු ඇති අත​ර එහිදී ගිනස් ලෝක වාර්තා 3 ක් බිඳ දැමීමට නි​යමිත අත​ර ඩ්‍රෝන යානා 5,000 කට අධික සංඛ්‍යාවක් යොදාගනිමින් ගෙනඑන විස්මය දනවන සංදර්ශනයකින් තවත් නව ගිනස් ලෝක වාර්තාවක් තැබීමට නියමිතයි.

කලා සහ විනෝදාස්වාද සංදර්ශන

උත්සවයට පැමිණෙන සියලුම සංචාරකයන්​ට අමතක නොවන අත්දැකීම් ගෙන එ​න DJ සහ සජීවී සංගීත සංදර්ශනය රසවිඳීමටත්, වර්ණවත් බැලූන් 100,000 ක් අහස​ට මුදා හැරීමත් සමඟ අලුත් අවුරුදු උදාවේදී ප්‍රීතියෙන් හා සැමරුම් වාතාවරණයක් අත්විඳීමටත් අවස්ථාව උදාවෙනු ඇත

අලුත් අවුරුද්ද සැමරීම සඳහා උත්ස​ව සහ ක්‍රියාකාරකම් ගණනාවක් Heritage Village විසින්, ඉදිරිපත් කරනු ලබයි. අල් Razfa සහ Ayala නැටුම්, ළමුන් සඳහා විශේෂයෙන් සංවිධානය කර ඇති අනෙකුත් උත්ස​ව සහ ක්‍රියාකාරකම්, Fun Fair City, The House of Horror, Al Forsan International Sports Resort ක්‍රියාකාරකම් සහ තවත් බොහෝ අවස්ථා රාශියක් එහිදී පිරිනමනු ලබයි.

2024 අලුත් අවුරුදු සැමරුම අතරතුර, උත්සවයේ සියලුම මණ්ඩපවල සහ ප්‍රදේශවල පුළුල් පරාසයක නිෂ්පාදන සහ සාප්පු සවාරි හා ඒ සඳහා විශාල වට්ටම් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. නව වසර පිළිගන්නා විට මහජනතාවට ප්‍රීතිය ගෙන දෙන විනෝදයෙන් පිරුණු උත්සව පසුබිමක, සියලු රුචි අරුචිකම්වලට සරිලන දේශීය හා ජාත්‍යන්තර අවන්හල් රාශියක් හරහා ඔවුන්ට නව භෝජන අත්දැකීමක් ද භුක්ති විඳීමට අවස්ථාව ලැබේ.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුත් යානයක් එක් වෙයි
Next Article UAEහි, ජනවාරි 1 වන විට නිවෙස් වල​ට ගිනි සහ දුම් අනතුරු ඇඟවීම් පද්ධති අනිවාර්යයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.