Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Air Line»ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුත් යානයක් එක් වෙයි
Air Line

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුත් යානයක් එක් වෙයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 23, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානා දිගින් දිගටම ප්‍රමාද වීම සහ අවලංගු කිරීමට ලක් වීමට ප්‍රධාන හේතුව වී තිබූ ගුවන් යානා හි​ඟයට යම් පිළියමක් ලෙසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය එයාර් බස් A-320 වර්ගයේ ගුවන් යානයක් ලීසිං පදනම මත ලබා ගෙන ඇති අතර, එම ගුවන් යානය පසුගියදා මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.

4R – ABS යන අනුක්‍රමනික අංකය යටතේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කර ඇති මෙම ගුවන් යානය, අවශ්‍ය පින්තාරු කටයුතු සහ අනෙකුත් සේවා පහසුකම් ස්ථාපිත කිරීමෙන් පසු එළඹෙන 29 වෙනි දින කටුනායක සිට මාළදිවයින බලා මංගල ගුවන් ගමන පිටත්වීමට නියමිතය.

ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 12 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන138 ක් තිබේ.මෙම නව ගුවන් යානය ඉන්දීය උප මහාද්වීපය, ඈත පෙරදිග සහ මැදපෙරදිග ගුවන් කළාප වෙත සිය ගුවන් මෙහෙයුම් කටයුතු එක් කිරීමට නියමිතය.

මෙම නව ගුවන් යානය ලබා ගැනීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව පටු බද සහිත ගුවන් යානා 12 ක් සහ පුළුල් බද සහිත ගුවන් යානා 10 වශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු සමස්ථ ගුවන් යානා සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට අමතරව එළඹෙන 2024 වසරේ ජනවාරි මස මුල් සති වල තවත් පුළුල් බද සහිත එයාර් බස් A- 330 ගුවන් යානයක් සහ දැනට ඇංජින් නොමැති වීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගය තුළ නවතා ඇති එයාර් බස් නියෝ(Air Bus A-neo) කාණ්ඩයේ ගුවන් යානා 02 සදහා ඇංජින් 02 ක් ද ලීසිං පදනම මත ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර, ඒවා ලැබුණු පසු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් ගුවන් යානා 03 ක් එක් වීමෙන්, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු සමස්ථ ගුවන් යානා සංඛ්‍යාව 25 දක්වා ඉහළ නැංවීමට නියමිතය.

එසේම එළඹෙන මාර්තු මාසයේ තවත් එයාර් බස් ගුවන් යානයක් ලීසිං පදනම මත ලබා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක සිට ලෝකයේ රටවල් 21 ක ගමනාන්ත 36 ක් කරා සිය ඍජු ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරමින් සිටිති.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහට ICU ප්‍රතිකාර.
Next Article අබුඩාබිහි, අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශණ මගින් ගිනස් ලෝක වාර්තා හතරක් බිඳ දැමීමට සූදානමක්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.