රථ වාහන මිලදී ගෙන තමාගේ නමට ලියාපදිංචි නොකර භාවිත කරන වාහන හිමියන්ගෙන් වාහනය මිල දී ගත් දිනයේ සිට දින 14න් පසුව රුපියල් සියය ගණනේ දඩ අයකරන බව මොර්ට රථ ප්රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කර ඇත.
ඒ අනුව වාහන මිලට ගන්නා බොහෝ පිරිසක් ඕපන් පේපර්ස් (open papers) වාහන පැවරීම් සිදු නොකර සිටින බවට තහවුරු වී තිබේ. එසේ සිදුකරන්නන්ට මේ දඩ මුදල් ගෙවීමට සිදු වනු ඇතැයි ඔහු කියා සිටියේය. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්රියාත්මක කරන කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති කැමරා පද්ධති හරහා මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනා ගනිමින් දඩ පැනවීමේ වැඩසටහන යටතේ අද සිට විශාල පිරිසක් හඳුනා ගැනෙනු ඇතැයි කී ඒ මහතා ඒ අනුව ඔවුන්ට මේ දඩ මුදල් ගෙවීමට සිදු වනු ඇතැයිද කීවේය.
ඇතැම් වාහන විවෘත පත්රිකා ඔස්සේ පුද්ගලයන් කිහිප දෙදෙනකු අතින් අත ගොස් සැබෑ ලියාපදිංචි හිමිකරු සොයා ගැනීම අසීරු වී ඇති බවත් කී ඒ මහතා යම් වාහනයක් තවත් අයකුගෙන් මිල දී ගත්තේ නම් එය කඩිනමින් තමන්ගේ නමින් ලියාපදිංචිකරගත යුතු බව සඳහන් කලේය.