Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මාර්ග ව්‍යාපෘති වලට වැඩි අවධානයක් දෙන්න – ජනාධිපති කියයි

June 7, 2025

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මිලදී ගන්නා රථ වාහන අයිතිකරුගේ නමට ලියාපදිංචි නොකලොත් දඩ
Sri Lankan news

මිලදී ගන්නා රථ වාහන අයිතිකරුගේ නමට ලියාපදිංචි නොකලොත් දඩ

kumudikaBy kumudikaJanuary 22, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රථ වාහන මිලදී ගෙන තමාගේ නමට ලියා­ප­දිංචි නොකර භාවිත කරන වාහන හිමි­ය­න්ගෙන් වාහ­නය මිල දී ගත් දිනයේ සිට දින 14න් පසුව රුපි­යල් සියය ගණනේ දඩ අය­ක­රන බව මොර්ට රථ ප්‍රවා­හන කොම­සා­රිස් නිශාන්ත අනු­රුද්ධ මහතා සඳහන් කර ඇත.

ඒ අනුව වාහන මිලට ගන්නා බොහෝ පිරිසක් ඕපන් පේපර්ස් (open papers)  වාහන පැව­රීම් සිදු නොකර සිටින බවට තහවුරු වී තිබේ. එසේ සිදුකරන්නන්ට මේ දඩ මුදල් ගෙවී­මට සිදු වනු ඇතැ­යි ඔහු කියා සිටි­යේය. වැඩ බලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ උප­දෙස් මත ක්‍රියාත්මක කරන කොළඹ නග­රයේ ස්ථාප­නය කර ඇති කැමරා පද්ධ­ති හරහා මාර්ග නීති කඩ කරන රිය­දු­රන් හඳුනා ගනි­මින් දඩ පැන­වීමේ වැඩ­ස­ට­හන යටතේ අද සිට විශාල පිරි­සක් හඳුනා ගැනෙනු ඇතැයි කී ඒ මහතා ඒ අනුව ඔවුන්ට මේ දඩ මුදල් ගෙවී­මට සිදු වනු ඇතැ­යිද කීවේය.

ඇතැම් වාහන විවෘත පත්‍රිකා ඔස්සේ පුද්ග­ල­යන් කිහිප දෙදෙ­නකු අතින් අත ගොස් සැබෑ ලියා­ප­දිංචි හිමි­කරු සොයා ගැනීම අසීරු වී ඇති බවත් කී ඒ මහතා යම් වාහ­න­යක් තවත් අය­කු­ගෙන් මිල දී ගත්තේ නම් එය කඩි­න­මින් තමන්ගේ නමින් ලියා­ප­දිං­චි­ක­ර­ගත යුතු බව සඳහන් කලේය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි 2023 ජනවාරි, සැප්තැම්බර් මාසවල දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 3.3 ක වර්ධනයක් අත්කර ගනී.
Next Article ජනපති තරඟයෙන් අපේක්ෂක රොන් ඩිසැන්ටින් ඉවත් වෙයි
kumudika

Related Posts

මාර්ග ව්‍යාපෘති වලට වැඩි අවධානයක් දෙන්න – ජනාධිපති කියයි

June 7, 2025

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.