මෙම පලමු තීරු බදු රහිත වෙළෙඳ සැල කොළඹ වරාය නගරයේ දී විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම තීරුබදු රහිත සාප්පුව ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටද නවමු අත්දැකීමක් එක්කරනු ඇතැයි වරාය නගරය පරිපාලනය කරන Belt and Road Initiative Sri Lanka (BRISL) ප්‍රකාශ කරයි.
පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී, ශ්‍රී ලංකා රජය විසින් කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සිල්ලර ව්‍යාපාරික මෙහෙයුම් හෝ තීරුබදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදු කිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ගැසට් කෙරිණි.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද අදාළ ගැසට් පත්‍රයට අනුව, තීරුබදු රහිත සිල්ලර ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ආයෝජකයකු අවම වශයෙන් ඩොලර් මිලියන 5ක මුදලක් වෙන් කළ යුතු අතර, තීරුබදු සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමේ පළපුරුද්දක් ද ලබා තිබිය යුතුය.
නිදහස් වෙෙළඳ මෙහෙයුම්, තීරුබදු රහිත සාප්පු සංකීර්ණ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට ආයෝජකයකු අවම වශයෙන් ඩොලර් මිලියන 7ක් වෙන් කිරීම අවශ්‍ය වේ. 2023 මැයි මාසයේ දී සිංගප්පූරුවට අයත් One World Duty-Free සහ Colombo Port City ශ්‍රී ලංකාවේ පළමු නගර මධ්‍යයේ තීරුබදු රහිත වෙළෙද සල ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම් දෙකකට අත්සන් කෙරිණි.