Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»2025 වන විට  සියලු ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට  සැලසුම්
Sri Lankan news

2025 වන විට  සියලු ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට  සැලසුම්

kumudikaBy kumudikaFebruary 21, 2024No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2025 වෙද්දී මෙරට සියලු ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීම සිය ඉලක්කය බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දෛනිකව මගීන් 12,000කට අධික පිරිසක් භාවිතා කරන මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ විධිමත් ලෙස සැලසුම් කළ ත්‍රිරෝද රථ සේවාවක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.

මෙතෙක් අවිධිමත් ලෙස ක්‍රියාත්මක වූ ත්‍රිරෝද රථ සේවාව හේතුවෙන් පත් වූ විවිධ අපහසුතාවන් පිළිබඳ සැලකිල්ල යොමු කරමින් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ආශ්‍රිතව ත්‍රිරෝද රථ ධාවනයේ නිරත වූ එක්සත් ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන් 76 දෙනෙකු සමඟ ගිවිසුම් ගතව නියමිත කාලසටහනකට අනුව සැකසුණු දුරකතන යෙදවුමක් සහ මෘදුකාංග පද්ධතියක් හරහා මගීන්ට වඩාත් පහසුවෙන් සහ විශ්වාසනීය ලෙස තම අවශ්‍යතාව පරිදි ත්‍රිරෝද රථ වෙන් කරවා ගැනීමේ පහසුකම් මෙයින් හිමිවනු ඇත.

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ත්‍රිරෝද රථ සඳහා වෙන් කර ඇති විශේෂ පරිශ්‍රයේ අදාළ ත්‍රිරෝද රථ සහ ඒවායේ හිමිකරුවන් පිළිබඳ තොරතුරු, ප්‍රමුඛතා අනුපිළිවෙළ අනුව පැමිණීමට නියමිත ත්‍රිරෝද රථ පිළිබඳ තොරතුරු ඩිජිටල් තිර ඔස්සේ පැය 24 පුරා ප්‍රදර්ශනය කෙරේ.

දැනට මෙරට ලියාපදිංචි දුරකතන යෙදවුම් හරහා කුලී රථ සේවාවන් සපයන සමාගම් කීපයක් මේ වැඩසටහන යටතේ ත්‍රිරෝද රථ හිමියන් ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කර ඇත. ඒ තුළින් ජනතාවට වඩාත් මිත්‍රශීලී, ආචාරශීලී සේවාවක් ලබාදීමත්, විධිමත් නියාමනයක් සහිතව ත්‍රිරෝද රථ ධාවනයට අවශ්‍ය පහසුකම් සැලසීමත් මේ ව්‍යාපෘතියේ අරමුණයි.

ත්‍රිරෝද රථවලට අමතරව විදුලි පාපැදි සේවාවක් ද කුලී පදනම යටතේ හඳුන්වාදීම මේ අවස්ථාවට සමගාමීව සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
“මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා මෙරට පොදු ප්‍රවාහනයට නව අගයක් එකතු වන සුවිශේෂී අවස්ථාවක් ලෙස මේ අවස්ථාව හැඳින්විය හැකියි. මේ තුළින් තමන් අත ඇති ජංගම දුරකතනය හරහා වඩාත් ක්‍රමවත්ව තම ගමන සැලසුම් කර ගැනීමේ හැකියාව මගී ජනතාවට හිමිවෙනවා. වගකීමක් සහිතව මේ ස්ථානයෙන් ත්‍රිරෝද රථයකට ගොඩවන මගියකුට එහි රියැදුරු පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඇතුළු සම්පූර්ණ ගමනාන්තය දක්වා අවශ්‍ය සියලුම තොරතුරු පරීක්ෂා කර බැලීමේ හැකියාව පවතිනවා. ඒ තුළින් මගී ජනතාවට සුරක්ෂිත ප්‍රවාහන අත්දැකීමක් ලබා ගැනීමට හැකියි. 2025 වසර වන විට මෙරට සියලුම ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය වන ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම අපගේ ඉලක්කයයි. අප විසින් සකසා ඇති ඊ මොබිලිටි ප්‍රතිපත්තිය යටතේ දැනට ඩීසල් සහ පෙට්‍රල් මඟින් ධාවනය කෙරෙන ත්‍රිරෝද රථ විදුලියෙන් ධාවනය කිරීමට පරිවර්තනය කිරීම සිදු වෙනවා. ඒ තුළින් ත්‍රිරෝද රථ හිමියන්ට විශාල පිරිවැය වාසියක් හිමියි. ඒ අනුව අවශ්‍ය ආරෝපණ පහසුකම් ආදිය ස්ථාපිත කිරීමෙන් අනතුරුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ආශ්‍රිතව ධාවනය වන ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමට විශේෂ ප්‍රමුඛතාවක් ලබාදීමට අප පියවර ගන්නවා.”

“මේ වන විට ලෝකය පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වී විදුලියෙන් ධාවනය වන මෝටර් රථවලට වේගයෙන් පරිවර්තනය වෙමින් පවතිනවා. එහිදී අපේ රට පසු වන්නේ මඳක් පසුගාමි ස්ථානයකයි. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් තවත් මාස කීපයක් තුළ බස්නාහිර පළාතේ විදුලි බස් රථ දෙසීයක් ධාවනය ආරම්භ කිරීමට කටයුතු කෙරෙමින් පවතිනවා. මෙලෙස පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට පියවර නොගතහොත් ඒ ආශ්‍රිත කර්මාන්ත දිගු කාලයක් පවත්වාගෙන යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.”

“හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය කාලයේ සිදුවූ දැවැන්ත සංවර්ධනය හේතුවෙන් විශාල පිරිසකට ජීවනෝපායන් සැකසී තිබෙනවා. මීට දශක කීපයකට පෙර මේ පළාතේ සියලුම දෙනා රැකියා සඳහා, සෞඛ්‍ය සේවාවන් ඇතුළු අනෙකුත් එදිනෙදා කටයුතු සඳහා කොළඹ ප්‍රදේශයට යා යුතුව පැවතුණා. ඒ හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ ඇති වූ විශාල තදබදය අවම කිරීමට හෝමාගම ප්‍රදේශයේ සිදුවූ සංවර්ධනය විශාල ලෙස ඉවහල්ව තිබෙනවා. විශේෂයෙන් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය, මහින්ද රාජපක්ෂ විද්‍යාලය, NSBM හරිත සරසවිය, කොළඹ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල තාක්ෂණ පීඨ, ජයවර්ධනපුර ඉංජිනේරු පීඨය, මොරටුව විශ්ව විද්‍යාලය, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, සින්ටෙක් ආයතනය, නැනෝ තාක්ෂණ ආයතනය වැනි ආයතන මේ ප්‍රදේශයේ ස්ථාපිත වීමත් සමඟ විශාල පිරිසක් මේ ප්‍රදේශයේ එදිනෙදා අවශ්‍යතාවන් සඳහා පැමිණීමෙන් ප්‍රාදේශිකව විශාල සංවර්ධනයක් සිදු වුණා.”

“කොළඹ නගරය පිටතට රැගෙන යාමේ කාර්යයේදී විශාල කාර්යභාරයක් කරන ස්ථානයක් ලෙස මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කැපී පෙනෙනවා. මේ හරහා ගමනාගමනයේ යෙදෙන අතිවිශාල ජනතාවට සාධාරණ ලෙස, මානුෂීය ලෙස යහපත් සේවාවක් සපයන ස්ථානයක් ලෙස මේ පරිශ්‍රය පවත්වාගෙන යා යුතුයි.
පසුගිය කාලයේ කොට්ටාව අධිවේගී මාර්ගයට ඇතුළුවන ස්ථානයේදී හිටපු ප්‍රවාහන ඇමැතිවරයකු ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ඉතාමත් අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා. මිනිසුන් තලා පෙළා දමන වෛරී දේශපාලනයෙන් රටක් හදන්න බැහැ. ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු රටක් ලෙස ප්‍රචලිත වූ රටකට සංචාරකයන් පැමිණෙන්නේ නැහැ. ඒ නිසා මිනිසත්කමෙන් පිරි රටක් බිහිකර ගැනීමට දායක වීමට අප සියලු දෙනාම සතුව විශාල වගකීමක් පවතිනවා.”

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම, මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නාලක දිසානායක මහත්වරුන් හා ත්‍රිරෝද රථ හිමියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ තෙල් නොවන විදේශ භාණ්ඩ හා සේවා වෙළඳාම 2023 දී පළමු වරට ඩිරාම් ට්‍රිලියන 3.5 ඉක්මවයි
Next Article සේවක ගැටලු නිසා අයිෆල් කුළුණ නැවත වැසෙයි
kumudika

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.