Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉන්දීය සංචාරකයින් ගෙන්වා ගැනීමට ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහන වැඩසටහනක්
Sri Lankan news

ඉන්දීය සංචාරකයින් ගෙන්වා ගැනීමට ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහන වැඩසටහනක්

kumudikaBy kumudikaFebruary 22, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෑත කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් අතිබහුතරයක් ඉන්දීය සංචාරකයන් බැවින් තවදුරටත් ඔවුන් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කරන ලද සංදේශයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ද හෙතෙම කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවේදී පසුගිය අඟහරුවාදා  ( 20) පැවසුවේය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටේ සංචාරකයන්ට අඩු පිරිවැය සහිත සංචාරක හා ප්‍රවාහන ගාස්තු ක්‍රමවේදයක් ද හඳුන්වා දී තිබේ. මගී ප්‍රවාහන යාත්‍රාවලින් පිටව යන මගීන්ගෙන් මෙතෙක් අය කළ අපගමන බද්ද අමෙරිකානු ඩොලර් 5ක් දක්වාත් මගී නෞකා මාර්ගයෙන් මෙරටින් පිටව යන මගීන්ගෙන් මෙතෙක් අය කළ අපගමන බද්ද අමෙරිකානු ඩොලර් 20ක් දක්වාත් අඩු කිරීමට මේ අනුව පියවර ගෙන තිබේ.

තවද මගී යාත්‍රා මඟින් ගමන් කරන මගියකුට කිලෝග්‍රෑම් 60ක් දක්වා නිදහස් ගමන් මලු දීමනාවක් ප්‍රදානය කිරීමටත් මේ අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළ වූ බව ද ඇමැතිවරයා කීවේය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම මඟින් ඉන්දියාවෙන් මෙරටට එන සංචාරකයන්ටත් මෙරටින් ඉන්දියාවට යන ශ්‍රී ලාංකික සංචාරකයන්ටත් අඩු පිරිවැයකින් ආකර්ෂණීය සංචාරක අත්දැකීමක් ලබා ගැනීමට හැකි බව කී ඇමැතිවරයා, ඉන්දීය සංචාරකයන් මෙරටට පැමිණි විට ඒ ඒ පළාත්වල ජනතාවගේ ආදායම් මාර්ග වර්ධනය කරගත හැකි බව සඳහන් කළේය.

ජනතාවට සිය නිෂ්පාදන අලෙවි කරගත හැකි වීම මෙන්ම රැකියා අවස්ථා ජනිත වීම වැනි යහපත් අතුරු ප්‍රතිඵල රැසක් මෙමඟින් උදාවනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව සමුද්‍රීය මගී ප්‍රවාහනය ප්‍රවර්ධනය මඟින් දෙරටේ සංචාරකයන්ට අඩු පිරිවැයකින් ප්‍රවේශ වීමේ අවස්ථාව මෙන්ම, දෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, වැඩිදියුණු වූ සම්බන්ධතා මඟින් සංස්කෘතික හුවමාරු ඇති වීම, අධ්‍යාපන, ආගමික, සංස්කෘතික, කලා, ක්‍රීඩා වැනි ක්ෂේත්‍ර ගණනාවක සහයෝගිතාව දිරිමත් කිරීමට ඉඩ ප්‍රස්ථා හිමි වන බව ද ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.

මේ වන විට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි. ගිය වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් ලක්ෂ 14 අතුරින් 302,844 දෙනකුම ඉන්දීය සංචාරකයන්ය. එම ප්‍රමාණය සියයට 21කි. මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් පිරිස ලක්ෂ 3ක් ඉක්මවා ඇති අතර ඉන් 50,000කට ආසන්න පිරිසක් ඉන්දීය සංචාරකයෝ වෙති.

මේ නිසා ඉන්දියාව මෙරට විශාලතම සංචාරක වෙළෙඳපොළ ලෙස තවදුරටත් ප්‍රථම ස්ථානයේ පවතී. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය වැඩි දියුණු කිරීමේ වැඩසටහන මඟින් ඉන්දීය සංචාරකයන්ට අඩු වියදමින් මෙරට සංචාරය කිරීමට අවස්ථාව සැලසීමෙන් එම ඉලක්කය කරා ගමන් කිරීමේදී වඩාත් පහසු වනු ඇතැයිද රජය අපේක්ෂා කරයි.

මෙම වසරේදී සංචාරකයන් ලක්ෂ 20ක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබේ. එමඟින් මේ වසර තුළ ඩොලර් බිලියන 6ක සංචාරක ආදායමක් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වේ. ඒ සඳහා ද මෙම වැඩසටහන විශාල පිටිවහලක් වනු ඇතැයි රජය බලාපොරොත්තු වෙයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි නීති විරෝධී වීදි වෙළෙන්දන් ඉලක්ක කර ගනිමින් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් අරඹයි
Next Article ගාසා තීරයට තවත් මානුෂීය ආධාර යැවීමට ඩුබායි උප ජනපති නියෝග කරයි
kumudika

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.