Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සිරකරුවන්ගේ ධාරිතාව ඉහලට –  දූපතකට ගෙන යෑමට සැලසුම්
Sri Lankan news

සිරකරුවන්ගේ ධාරිතාව ඉහලට –  දූපතකට ගෙන යෑමට සැලසුම්

kumudikaBy kumudikaFebruary 25, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වනවිට  මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබා ගැනීමට ඇති ධාරිතාවය අවම වීමයි.  මේ සඳහා නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත වන නිසා එහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කලේය.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ නැගෙනහිර පළාතේ මඩකලපුව නගරයට ආසන්න මුහුදු තීරයේ පිහිටා ඇති මාන්තිව් දූපත නිරීක්ෂණ චාරිකාවක් සඳහා පසුගිය (23) සිකුරාදා එක්වෙමිනි
මෙහිදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් සඳහන් කලේ පසුගිය කොවිඩ් සමය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාරයට ගෙන කොවිඩ් වැලඳුන ගුවන් හමුදා නිළධාරීන් නිරෝධායනය කිරීමට පහසුකම් සලසාදී තිබූ අතර මාන්තිව් ගොඩබිමේ මේ වන විට ළාදුරු රෝගීන් දෙදෙනෙකු පමණක් රඳවා සිටින බවයි. මෙම දූපත මඟින් මාතෘභූමියට මීට වඩා ඵලදායී වැඩක් ලබාගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කලේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට සිරකරුවන්ගේ වැඩිවීම හේතුවෙන් අධික තදබදයකට ලක්ව ඇත. දැනට ඒම ගොඩබිමෙහි රඳවා සිටින ළාදුරු රෝගීන් දෙදෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර බෝවන රෝගීන් සිටින ස්ථානයක් කරා මාරුකිරීමේ හැකියාව පවතින බව සඳහන් කල අමාත්‍යවරයා පවසා සිටියේ අදාල බලධාරීන් සමග සාකච්ඡා කර මෙම ස්ථානයේ බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාව අවස්ථාවක් කරගන්නා බවයි.

මෙම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වූහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරෝගීන් මිය යයි – කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දු ඒකකයට සීල් තබයි
Next Article Maktoum bin Mohammed මහතා 2024 Gulfood  හි සංචාරය කරයි
kumudika

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.