Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කන්කසන්තුරේ සහ නාගපට්නම් අතර බෝට්ටු සේවය ඉදිරි සති වල ආරම්භයට පියවර
Sri Lankan news

කන්කසන්තුරේ සහ නාගපට්නම් අතර බෝට්ටු සේවය ඉදිරි සති වල ආරම්භයට පියවර

kumudikaBy kumudikaFebruary 26, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය සහ ඉන්දියාවේ නාගපට්නම් අතර බෝට්ටු සේවාව ඉදිරි සති කිහිපයේ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විශ්වාසය පළ කර සිටී.
එතුමා පසුගිය 15 වැනිදා සිට දින දෙකක කාලයක් උතුරු පළාතේ සංචාරයක නිරත වූ අතර, මේ සංචාරය අතරතුර සිදු කෙරුණු විවිධ නියැළීම් ද්වි-පාර්ශ්වික හවුල්කාරීත්වයේ ගැඹුර සහ උතුරු පළාත සමඟ සමාජ, ආර්ථික සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීමට ඉන්දියාව දක්වන දැඩි කැපවීම පිළිඹිබු කළ බව ද, එහිදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වූ බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මහ කොමසාරිස්වරයා 2023 ජූලි මාසයේදී නිකුත් කරන ලද දැක්ම ප්‍රකාශනයේ සඳහන් ද්වි -පාර්ශ්වික ආර්ථික හවුල්කාරීත්වයේ කේන්ද්‍රීය තේමාව වන සම්බන්ධතා මුලපිරීම් ඉහළ නැංවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ අතර, කන්කසන්තුරය වරායේ සහ ඓතිහාසික මන්නාරම ජැටියේ සංචාරයක නිරත වූ ඒ මහතා දෙරට අතර බෝට්ටු සේවා කඩිනමින් යළි ආරම්භ කිරීමේ අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡා කළේය.

ඉදිරි සති කිහිපයේදී නාගපට්නම් සහ කන්කසන්තුරය වරාය අතර බෝට්ටු සේවා යළි ඇරඹීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළ ඒ මහතා තලෙයිමන්නාරම සහ රාමේෂ්වරම් අතර බෝට්ටු සේවා යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක ප්‍රයත්නයන් සිදු කරන බව  සඳහන් කළේය.

පලාලි ගුවන්තොටුපොළ වෙත සිදු කළ සංචාරයේදී ඒ මහතා ගුවන් තොටුපොළේ යටිතල පහසුකම් සංවර්ධනය හරහා ගුවන් සම්බන්ධතාව ශක්තිමත් කළ හැකි ආකාරය ද සොයා බැලුවේය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් බෙදා හදා ගන්නා පොහොසත් සංස්කෘතික උරුමය අවධාරණය කරමින් මහ කොමසාරිස්වරයා ඓතිහාසික රාම් සේතු (ආදම්ගේ පාලම) හිදී විශේෂ පූජාවක ද නිරත විය. මහ කොමසාරිස්වරයා ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ අලුත්වැඩියා කරන ලද ඓතිහාසික තිරුකෙතිෂ්වරම් කෝවිල ද වැඳ පුදා ගත්තේය.

නයිනතිව් දූපතේ නාගපූෂනී අම්මාන් කෝවිල සහ නාග විහාරය, මන්නාරම පූජනීය මඩු දේවස්ථානය සහ නල්ලූර් කන්දස්වාමි කෝවිල යන පූජනීය ස්ථාන වැඳ පුදා ගත් මහ කොමසාරිස්වරයා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුබසිද්ධිය සහ සෞභාග්‍යය උදෙසා ප්‍රාර්ථනා කළේය. ඉන්දීය ජනතාවගේ තිළිණයක් වන යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති ත්‍යාගරාජා ආරාධනා වැඩසටහනට ද හෙතෙම සහභාගී විය. සමාජයේ විවිධ කොටස් වෙත ඉන්දියාවේ කැපවීම යළි අවධාරණය කරමින් මහ කොමසාරිස්වරයා මන්නාරම ධීවර ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ගයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඔවුන්ට අධි ශීතකරණ බෙදා දුන්නේය.

ඒ මහතා යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අවශ්‍යතා සහිත පවුල් සිය ගණනකට වියළි සලාක ද බෙදා දුන් අතර, එහිදී කාන්තා මූලික පවුල් වෙත විශේෂ අවධානයක් යොමු කර තිබිණි. යාපනයට ඔබ්බෙන් පිහිටි දූපත්වල බලශක්ති අවශ්‍යතාවසපුරාලීම සඳහා දායකත්වය දීමට ඉන්දියාව දක්වන ප්‍රයත්නය හා සමගාමීව මහ කොමසාරිස්වරයා නයිනතිව් දූපතේ දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සූදානම සොයා බැලුවේය. මේ ව්‍යාපෘතිය ඉන්දියානු රජයේ ප්‍රදාන හරහා ඩෙල්ෆ්, නයිනතිවු සහ අනලතිව් දූපත්වල ක්‍රියාත්මක කරයි.

මහ කොමසාරිස්වරයා ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අබියසදී ජීවිත පූජා කළ නිර්භීත ඉන්දීය පුත්‍රයන්ට සිය උපහාරය ද පළ කළේය. මහ කොමසාරිස්වරයා පත්වූ නියෝජිතයන්, විද්වතුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විවධ ක්ෂේත්‍රවල බොහෝ දෙනකු සමඟ සහයෝගීතාව සහ සංවර්ධනය වඩා ඉහළ නැංවිය හැකි ආකාර පිළිබඳව හරවත් සාකච්ඡාවල නිරත විය. ශ්‍රී ලංකා රුපියල් බිලියන 70කට වැඩි ප්‍රදාන සමඟින් උතුරු පළාත ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ විවිධ ආකාරයේ සංවර්ධන සහයෝගීතාවයේ ඉහළ අවධානයක් යොමු වන කලාපයක් වන අතර, මේ සංචාරය කලාපයේ ජනතාව උදෙසා ඉන්දියාවේ අචල කැපවීම අවධාරණය කිරීමට අවස්ථාවක් විය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවසරකට පාසල් සිසුන් ලක්ෂයකට ජනාධිපති ශිෂ්‍යත්ව
Next Article DEWA ව්‍යාපෘති සහ පරිසර හිතකාමී භාවිතයන් මත පදනම් වෙමින් තිරසාර බව සාක්ෂාත් කර ගනියි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.