Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මහ කන්නයේ පසු අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000 ඉක්මවයි
Sri Lankan news

මහ කන්නයේ පසු අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000 ඉක්මවයි

kumudikaBy kumudikaMarch 3, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙවර මහ කන්නයේ දී වී අස්වනු නෙලා ගැනීම් කටයුතු වලදී සිදුව ඇති පසු අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000 ඉක්මවා ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අස්වනු නෙලීමේ මුලික පර්යේෂණවලින් හෙළි වේ.

මෙවර මහ කන්නයේ දී වී අස්වනු නෙලා ගැනීමේ දී සිදුව ඇති නාස්තිය සියයට 10 සිට 15 දක්වා ඉහළ ගොස් ඇති අතර ඇතැම් ප්‍රදේශවල එය 25% ක් පමණ වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද “Crop Cutting survey ” මගින් අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (02) ප්‍රකාශ කළේය.

ඊයේ ආරම්භ වූ බටඅත AgriTech-24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශණයේ දී හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් හමුවේ දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙම වී වගාව ආශ්‍රිත පසු අස්වනු හානිය සළකා බලන විට මෙවර මහ කන්නයේ දී අඩුම තරමින් වී මෙට්‍රික් ටොන් 350,000කට ආසන්න ප්‍රමාණයක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට ප්‍රධාන හේතුන් කිහිපයක් තිබේ.

දීර්ඝ කාලයක් වී වගාව කළ ද බොහෝ ගොවීන් අස්වනු නෙලාගත යුත්තේ කුමන අවස්ථාවේ දී ද යන්න ගැන ඔවුන්ට නිසි අවබෝධයක් දි නැත. බොහෝ ගොවීහු මුළු ගොයම් කරළ ම පැසෙන තෙක් අස්වනු නෙලා ගැනීම ප්‍රමාද කරයි. නමුත් ගොයම් කරළෙහි සියයට 80ක් පැසුනු පසු අස්වනු නෙලාගත යුතු බවත්, අපතේ යන්නේ ගොයම් කරළක ඇති හොඳම කොටස බවට කෘෂි අංශ අවධාරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පැරණි ගැමියන් කියන්නාක් මෙන් “කරළ දුටු තිස් දවසකින් අස්වනු නෙලීම” සිදු කිරීම මගින් වී වගාවේ පසු අස්වනු හානිය අවම කරලීමේ පාඩම ගොවි ජනතාවට කියා දීම කෘපනිසවරුන්ගේ රාජකාරියේ කොටසක් බව ද අමාත්‍යවරයා කීය.

එමෙන්ම මෙවර අස්වනු හානිය නිසා අහිමිව ඇති අස්වනු ප්‍රමාණයේ වටිනාම රුපියල් බිලියන ගණනක් වනු ඇති බවත්, එම ප්‍රමාණය වළක්වා ගැනිමට හැකි වී නම් මෙවර මහ කන්නයේ අස්වනු තුළින් සහල් අතිරික්තයක් පවා රට තුළ ඇතිවීමට ඉඩකඩ තිබු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ගොයම් කරළ හොදින්ම වේළී ගිය පසු අස්වනු නෙලාගැනීමට භාවිතා කරන “භූතයා” හා “සුනාමි” වැනි යන්ත්‍රවලින් සිදුවන අපතේ යාම ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් අස්වනු නෙලා දින කිහිපයක් තුළ කුඹුරේ ගොයම් නැවත වැපිරූ පරිදි ගොයම් පැළවෙන්නේ එම අපතේ ගිය හොඳම වී නිසා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්තාවක් ලබා දිම මගින් සනාථ කර තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය සැමරේ.
Next Article කඩ කෑම බීම වල මිල ඉහලට
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.