Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»විදේශ රැකියා අමාත්‍යාංශයෙන් ඇරඹි “ජයගමු ශ්‍රී ලංකා” කුරුණෑගල ට
Sri Lankan news

විදේශ රැකියා අමාත්‍යාංශයෙන් ඇරඹි “ජයගමු ශ්‍රී ලංකා” කුරුණෑගල ට

kumudikaBy kumudikaMarch 7, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රී ලංකා” ජනතා ජංගම සේවය මෙවර මාර්තු මස 09 හා 10 දෙදින කුරුණෑගල, වැහැර ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහි සමාරම්භක වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 09 දින පැවැත්වීමට නියමිතය.

එම අමාත්‍යාංශය යටතේ පවතින තවත් ආයතන සමග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම ජංගම සේවාවේ ප්‍රධාන සහභාගිත්වය සිදුකරයි.

මෙම ජංගම සේවා වැඩසටහන හා සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කොට ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි විගමණික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට හා පාසල් උපකරණ බෙදා දීමට කටයුතු යොදා ඇති අතර, විදේශ රැකියාව අවසන් කර යළි දිවයිනට පැමිණි ශ්‍රමිකයින් සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ආධාර ලබාදීම, සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන ශ්‍රමිකයින් ඇගයීමට ලක්කිරීමටද නියමිතය. ස්වයං රැකියා ආරම්භ කර ඇති ශ්‍රමිකයින්ගේ භාණ්ඩ සහන මිලට අලෙවි කිරීම සඳහා වෙළඳපොලක්ද මෙම ප්‍රදර්ශන භූමියේදී පැවැත්වේ.

එසේම ආබාධිත විගමණික ශ්‍රමිකයින් සඳහා ඇස් කණ්ණාඩි හා රෝද පුටු ඇතුළු වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමටද නියමිත අතර, විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් අධ්‍යාපනය ලබන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා පන්ති කාමරවලට අවශ්‍ය Smart Board පිරිනැමීටද කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන හා සමගාමීව විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමටද නියමිතය.

එසේම, කාර්යාංශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මගින් විදේශ රටවල රැකියා අවස්ථා ලබාගැනීම සඳහාද තරුණ තරුණියන්ට මෙහිදී අවස්ථාව හිමිවන අතර, 09 වන දින රාත්‍රියේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද කටයුතු සංවිධාන කර තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකෝප් කමිටුවේ සභාපතිකම රෝහිත අබේගුණවර්ධනට – අලගියවන්න කෝපා සභාපති තනතුරට
Next Article ඩුබායි පොලිසිය විසින් රාමදාන් කාලතුවක්කු ස්ථාන නිවේදනය කරයි
kumudika

Related Posts

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.