Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලෝක කාන්තා දිනය අදයි
World news

ලෝක කාන්තා දිනය අදයි

kumudikaBy kumudikaMarch 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක කාන්තා දිනය අද(08)ට යෙදී තිබේ. ජාතිය, ආගම, භාෂාව හා සංස්කෘතිය ආර්ථිකය හෝ දේශපාලනය නොසළකා කාන්තාවන්ගේ සාර්ථකත්වයන් පිළිගැනීමට ලක් කිරීම මෙම දිනය තුලින් ඉස්මතු කෙරේ.

මෙවර එහි තේමාව “අයෝජිකාව ” යන්නයි.
දියණියක්,මවක් හා යෙහෙළියක ලෙස විවි‍ධ භූමිකා නිරූපනය කරන කාන්තාව ලොවක් තනන්නට වෙර දරන්නේ ජිවිත‍යේ අසීමිත කැප කිරීම් කරමින් ය.

එහෙත් ලොව විවිධ රටවලදී කාන්තාවන්ට තවදුරටත් විඳීමට සිදුව ඇති ගැහැට පිළිබඳ අවදානය යොමු කරමින් 1974 වසරේදි එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ලෝක කාන්තා දිනය ප්‍රකාශයට පත් කළේ ය.
මෙවර කාන්තා දිනය සැමරෙන්නේ කතුන්ගේ යහපත සම්බන්ධයෙන් ඉවහල් වන ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීම අන් කවරදාකටත් වඩා අභියෝගයක්ව පවතින කාලවකවානුවකදීය.

එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව කොවිඩ් වසංගතය හේතුවෙන් දිළිඳු භාවයට පත් මිලියන 342 ක් වන කාන්තාවන් හා ගැහැණු දරුවන් ඉන් මුදා ගැනීම 2030 වසර වනවිට ලෝකය මුහුණ දෙන බරපතළ අභියෝගයකි.

මිලියන 22 ක් වන මෙරට ජනගහණයෙන් 52% ක් කාන්තාවන් ය. රටේ ආර්ථිකය බිඳ වැටීමේ අයහපත් තත්ත්වය වැඩියෙන්ම දැනෙන්නේ කාන්තාවන්ටයි.

ආර්ථික අවපාතයත් සමග ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇතිවූ කඩා වැටීමෙන්ද ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් පිරිසක් විරැකියාවෙන් පෙළේ.
මෙවැනි අභියෝග මැද සිරිලක කාන්තාව සවිබල ගැන්වි‍මේ දැඩි අවශ්‍යතාවක් පැන නැගී තිබේ. 

සම තැන කෙසේ වෙතත් නිසි තැන නොලැබීමේ ගැටලුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාව තවමත් මිදී නොමැති පසුබිමක ඔවුන් ශක්තිමත් කිරීම මුලු මහත් සමාජයේම වගකීමකි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ වර්ධනය ගැන IMF සතුට පල කරයි
Next Article විදේශීය බැංකු වලට බදු පැනවීම පිළිබඳ නීති නිකුත් කෙරේ
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.