Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ වර්ධනය ගැන IMF සතුට පල කරයි
Sri Lankan news

ශ්‍රී ලංකාවේ වර්ධනය ගැන IMF සතුට පල කරයි

kumudikaBy kumudikaMarch 8, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු දැකීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (07) දහවල් පැවැති සාකච්ඡාවේදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ශ්‍රී ලංකාවේ වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වන අයුරු පෙනෙන්නට ඇති බවත් එහි යහපත් ප්‍රතිඵල දක්නට ඇති බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා රජය දක්වන දැඩි කැපවීම අගය කරන බවත් එවැනි කැපකිරීම් ධනාත්මක වෙනසක් ඇති කිරීමට උපකාරි වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු දැකීම සතුටට කරුණක් බව සඳහන් කළ ඒ මහතා ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන කැපවීමද ප්‍රශංසාවට ලක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට බිඳ වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීම වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යෑමට කැපවී සිටින බවයි.

ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙලෙස පිළි ගැනීමට ලක්වීම මඟින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින ආර්ථික වර්ධනය උදා කර ගැනීමේ හවුල් දැක්ම අවධාරණය කෙරෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තවද ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ අනාගත දැක්ම කෙරෙහි ද සාකච්ඡාවට ලක් වූ අතර මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වයේ විවිධ අංශ පිළිබඳව ද විමසීය.
ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමේදී සහ තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමේදී දෙපාර්ශ්වය අතර අඛණ්ඩ සහයෝගිතාවයේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ශිරන්ත හේරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කත්‍යා ස්විරිඩ්සෙන්කා (Katya Svirydzenka), නේවාසික නියෝජිත ආචාර්ය සරවත් ජහාන් ( Dr. Sarwat Jahan), සොෆියා සැංග් (Sophia Zhang), සන්දේශ් ධුන්ගනා (Sandesh Dhungana), හොදා සෙලිම් (Hoda Selim), දිමිත්‍රි රොස්කොව් (Dmitriy Rozhkov), මාර්ක් ඇඩම්ස් (Mark Adams), හුයි මියෝ (Hui Miao), සැම්සන් ක්වාලිංගන (Samson Kwalingana) සහ මානවී අබේවික්‍රම යන මහත්ම මහත්මීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමට ඇතුලත් විය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි පොලිසිය විසින් රාමදාන් කාලතුවක්කු ස්ථාන නිවේදනය කරයි
Next Article ලෝක කාන්තා දිනය අදයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.