Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ශ්‍රී ලංකන් ගුවන් සේවය, කොරියානු ගුවන් සේවය හා එක්ව ගුවන් ගමන් පුළුල් කරයි
sri Lankan special

ශ්‍රී ලංකන් ගුවන් සේවය, කොරියානු ගුවන් සේවය හා එක්ව ගුවන් ගමන් පුළුල් කරයි

kumudikaBy kumudikaMarch 14, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය එක් වී කොළඹ හා සෝල් අතර ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන ඇත.

2024 මාර්තු 15වැනිදා සිට ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ කොළඹ සහ සෝල් (Seoul) අතර ගමන් කරන ගුවන් මගීන්ට ගුවන් සේවාවන් දෙකම භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ගමනාන්තය කරා ගමන් කිරීමට හැකි වේ.

“ශ්‍රී ලංකන් ගුවන් සේවය කොරියානු ගුවන් සේවය සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි. කොළඹ සහ සෝල් අතර සම්බන්ධතාව ඉහළ නැංවීමට හැකිවීම ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙමඟින් නගර දෙක අතර මගී ගමනාගමනය ගුවන් සමාගමට ලාභදායී ආකාරයෙන් වර්ධනය කර ගැනීමට සහ මගීන්ටශ්‍රීලංකන් ගුවන් සේවය තෝරා ගැනීමට ද උපකාරී වනු ඇත. ” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල්(Richard Nuttall) මහතා පැවසී ය.

මෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ ශ්‍රීලංකන් ගුවන්සේවයේ ගුවන් යානාවලින් සෝල් (Seoul) ඉන්චියොන් (Incheon) වෙත ගමන් කරන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින්සිංගප්පූරුව හරහා කොරියානු ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් ද ගමන් කළ හැක. එමෙන්ම කොරියානු ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින්ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් සෝල් ඉන්චියොන් , සිංගප්පූරුව, චෙන්නායි සහ මාලේ වෙතද ගමන් කළ හැකිය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වනවිට කොළඹ සිට ඉන්චියොන් දක්වා සතියකට දෙවතාවක් ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, මෙම නව හවුල්කාරීත්වය නිසා සතියේ සෑම දිනකම කොළඹ සිට සිංගප්පූරුව හරහා සෝල් ඉන්චියොන් වෙත යෑමට හැකියාව ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ චෙන්නායි අතර හා කොළඹ සහ මාලේ අතර දිනකට ගුවන් වාර තුන බැගින් සිදුකරන අතර කොරියානු ගුවන් සේවයට අයත් මඟීන්ට ද මෙම ගුවන් යනා මඟින් තම ගමනාන්ත වෙත යෑමට හැකි වීම ඉමහත් පහසුවකි.

නව හවුල්කාරිත්ව (codeshare) යටතේ ක්‍රියාත්මක ප්‍රවේශපත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ කොරියන් ගුවන් සේවයේ හි මාර්ගගත මිලදී ගැනීමේ පහසුකම ඔස්සේ සහ විකුණුම් කාර්යාල හරහා මෙන්ම සංචාරක නියෝජිතායතන හරහා ද මිල දී ගත හැකිය.

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය අතර මෙම හවුල්කාරීත්වය (codeshare) ආරම්භ කිරීමට හැකි වීම ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පැවතෙන සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ සන්ධිස්ථානයක් ලෙස ද සැලකිය හැකිය. සහයෝගිතාව හා ගුණාත්මක සේවාවක් මඟින් සිය ගුවන් මගීන් සඳහා සුවපහසු සංචාරක අත්දැකීම් ලබා දීම ගුවන් සමාගම් දෙකහිම අරමුණයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleSri Lanka Beyond your dreams ජාත්‍යන්තර ව්‍යාපාරික වැඩසටහන ඩුබායි හිදී
Next Article ලංවිම තවත් අලුත් ගිවිසුමකට
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.