Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීම් ක්‍රමයේ වෙනසක්
Sri Lankan news

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීම් ක්‍රමයේ වෙනසක්

kumudikaBy kumudikaMarch 20, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇත. ඒ අනුව 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ පරමාර්ථ සපුරාලීම සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් මුළුමනින්ම සාක්ෂාත් කර ගැනීම පිණිස දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව රජය මඟින් හඳුනාගෙන ඇත. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගේ සහ වෙනත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම පිණිස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ඒ අනුව එම කමිටුව මඟින් නිර්දේශ හා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.
පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 160 දෙනකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් ඍජුවම තෝරා පත්කර ගැනීමටත් ඉතිරි මන්ත්‍රීවරුන් 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික සහ පළාත් මට්ටමින් තෝරා ගැනීමටත් එකී කමිටුව වෙත අදහස් ඉදිරිපත් කර ඇති බවත් බහුතරයක් ඒ සඳහා එකඟතාව පළ කර ඇති බවත් සඳහන් වේ.

ඒ අනුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් අවශ්‍ය නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඇමැති මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18) පැවැති කැබිනට් හමුවේදී එම යෝජනාවට අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා පහසුකම් සැපයීමේ RTA ව්‍යාපෘතියේ 3 වන අදියර අවසන්
Next Article AI පිළිබඳ අධ්‍යාපනය ලබා දීමේ නියමු ව්‍යාපෘතියට අත්සන් තැබේ.
kumudika

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.