Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»AI පිළිබඳ අධ්‍යාපනය ලබා දීමේ නියමු ව්‍යාපෘතියට අත්සන් තැබේ.
Sri Lankan news

AI පිළිබඳ අධ්‍යාපනය ලබා දීමේ නියමු ව්‍යාපෘතියට අත්සන් තැබේ.

kumudikaBy kumudikaMarch 20, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රොසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) සිදු විණි.

දිස්ත්‍රික්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20 ක  8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.  ඒ සඳහා අවශ්‍ය සුහුරු පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

මෙම අධ්‍යාපන කටයුතු මාර්ග ගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට මයික්‍රොසොෆ්ට් කණ්ඩායමක් සහාය ලබා දීමට නියමිතය.ගිවිසුමට අත්සන් තැබීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී එම නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේ කෘත්‍රීම බුද්ධිය පාසල් විෂය නිර්දේශයට එක් කිරීමට සිය පූර්ණ සහාය ලබා දෙන බවයි. මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉන්දියාවේ සහ දකුණු ආසියානු කලාපීය සභාපති පුනීත් චන්දොක් (Mr. Puneet chandok) මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාව නව තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යමින් කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන සහාය සහ මඟපෙන්වීම ඉතා අගය කරන බව ඒ මහතා සඳහන් කළේය.

මෙම වැඩසටහන 2025 වසර තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේය.

අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙම අවස්ථාව ශ්‍රී ලාංකීය ජනතාවට ලැබුණු මහඟු අවස්ථාවක් බව පෙන්වා දුන් ඇය ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස ද සියලු දෙනාගෙන් ඉල්ලා සිටියාය.
ශ්‍රී ලාංකීය ජනතාව සහ පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් ස්වෙච්ඡා කණ්ඩායම් මඟින් සහාය ලබා දෙන බව ද ජුලි චන්ග් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධර්මසිරි කුමාරතුංග යන මහත්ම මහත්මීන් සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් ද, කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය, මුස්ලිම් කාන්තා විද්‍යාලය, පුස්සැල්ලාව හින්දු ජාතික පාසල, තංගල්ල බාලිකා විද්‍යාලය, කොළඹ හින්දු විද්‍යාලය නියෝජනය කරමින් විදුහල්පතිවරු, ගුරුවරුන් සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීම් ක්‍රමයේ වෙනසක්
Next Article වියලි කාලගුණයෙන් සුනඛයින් ඇතුලු සතුන්ටත් ජීවිත අවදානමක්
kumudika

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.