Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ශ්‍රී ලාංකිකයෙකු විසින් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිලිබද ආචාර්ය උපාධියක් ගෙන ඉතිහාස ගත වෙයි
sri Lankan special

ශ්‍රී ලාංකිකයෙකු විසින් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිලිබද ආචාර්ය උපාධියක් ගෙන ඉතිහාස ගත වෙයි

kumudikaBy kumudikaMarch 23, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඕස්ට්‍රේලියාවේ දී ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන අනතුරු සම්බන්ධව ආචාර්ය උපාධියක් සාර්ථකව සම්පූර්ණ කිරීමට  ශ්‍රී ලාංකිකයෙකු සමත්ව ඇත. ඔහු වෘත්තියෙන් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ භෞත චිකිත්සකවරයෙක් වන දුලාන් කොඩිකාර මහතාය.

දුලාන් කොඩිකාර මහතා දැනට මෙල්බන් නුවර රැකියාවක නිරත වන අතර ඔහු 2011 වසරේදී පළමුවෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ ක්‍රීඩාව සහ ව්‍යායාම සම්බන්ධ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහාය.

2013 වසරේදී ඔහු එම උපාධිය සාර්ථකව අවසන් කර ඇත. 2014 වසරේදි යළිත් ඔහු ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ ක්‍රීඩා සහ ව්‍යායාම් සම්බන්ධ භෞත චිකිත්සකවරයෙක් ලෙසට රැකියාවක නිරත වීමටය. රැකියාවේ නිරතව සිටින අතර ඔහුට 2016 වසරේදී බැලරට් හි ෆෙඩරේෂන් යුනිවර්සිටි වෙතින් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිවී තිබේ.

වසර කිහිපයක් තුල ඊට අදාළ පර්යේෂණ කටයුතුවලින් අනතුරුව 2023 වසරේ අග භාගයේදි ඔහු ආචර්ය උපාධිය සම්පූර්ණ කර ගත් අතර පසුගිය මාර්තු 19 වැනිදා ඔහුට ආචාර්ය උපාධිය පිරිනමනු ලැබිණ.

ක්‍රීඩා හා ව්‍යායාම් සම්බන්ධ භෞත චිකිත්සකවරුන් අතරින් ලොව පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු ක්‍රිකට් ක්‍රීඩා අනතුරු සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා ආචාර්ය උපාධියක් ලබාගත් පළමු අවස්ථාව ලෙසට මෙය ඉතිහාසයට එක්වනු ඇත.

ශ්‍රී ලාංකිකයෙකු ලෙසට මෙම දුර්ලභ අවස්ථාව පිළිබඳ නිහතමානිව ආඩම්බර වන බව දුලාන් කොඩිකාර මහතා ප්‍රකාශ කළේය. ෆෙඩරේෂන් යුනිවර්සිටි ආයතනය සහ ඔස්ට්‍රේලියානු රජය මෙම ආචාර්ය උපාධියේ පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු වෙනුවෙන් ඩොලර් දෙලක්ෂ පනස් දහසකට අධික මුදලක් වැය කිරීම පිළිබඳවද ඒ මහතා සිය කෘතඥපූර්වක ස්තූතිය පුද කලේය.

විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන අනතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන අනෙකුත් පර්යේෂකයන්, පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩකයන් තම පර්යේෂණ ක්‍රියාවලියේදී ලබාදුන් සහාය ද දුලාන් කොඩිකාර මහතා සිහිපත් කරයි.

“Head, Neck,Facial injuries in cricket ” යන මාතෘකාව යටතේ පර්යේෂණ කටයුතු සිදු කර ඇත්තේ තමා 2010 වසරේදී ලැබූ පෞද්ගලික අත්දැකීමක් සහ 2014 වසරේදී ෆිල් හියුස් ක්‍රීඩකයා ක්‍රිකට් තරගයක් අතරතුර පන්දුවක් හිසේ වැදී අකල් මරණයකට ගොදුරු වීම හේතු පාදක වූ බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA ඩුබායි මෙට්‍රෝ ස්ටේෂන් හරහා ප්‍රවේශපත්‍ර විකුණුම් යන්ත්‍ර 165ක් වැඩි දියුණු කරයි
Next Article අබුඩාබි සිට කොළඹට සතිපතා අමතර ගුවන් ගමන්
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.