Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
sri Lankan special

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

kumudikaBy kumudikaMay 6, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ඇත. ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමඟ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් හිමි කරගත්හ.

අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය සමඟ තරග වැදීමට නියමිතය.
ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් ලබා ගත්හ.

නායක චමරි අතපත්තු සමගින් විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 52ක් සමඟින් පවත්වා ගෙන ගියෝය.
නායක චමරි අතපත්තු ලකුණු 21කක් සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 24ක් රැස් කළහ.

ආරම්භක පිතිකරු විශ්මි ගුණරත්න ලකුණු 45ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

පිළිතුරු ඉනිම පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 134ක් පමණී.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 15ක ජයක් හිමි විය. පන්දු යැවීමේ දී චමරි අතපත්තු ලකුණු 28කට කඩුලු 02ක් බිඳ හෙළුවාය.

අව­සන් මහ තර­ගය හෙට (07) මෙරට වේලා­වෙන් රාත්‍රි 9.00ට ශ්‍රී ලංකාව සහ ස්කොට්ල­න්තය අතර සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේ­දී පැවැත් වීමට නියමිතය.

Featured Sri Lanka UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවීසා නිකුත් කිරීමට අදාල සමාගම් ගිවිසුම අවලංගු කරන්නේ නෑ – ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කියයි
Next Article තීරු බදු සහන හිමි වාහන ආනයන බලපත් අලුත් කණ්ඩායමකට
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.