ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ඇත. ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී එක්සත් අරාබි එමීර් රාජ්ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමඟ අවසන් මහා තරඟයට ශ්රී ලංකා කණ්ඩායම සුදුසුකම් හිමි කරගත්හ.
අවසන් මහා තරගයේ දී ශ්රී ලංකාව ස්කොට්ලන්තය සමඟ තරග වැදීමට නියමිතය.
ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් ලබා ගත්හ.
නායක චමරි අතපත්තු සමගින් විශ්මි ගුණරත්න ශ්රී ලංකා ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 52ක් සමඟින් පවත්වා ගෙන ගියෝය.
නායක චමරි අතපත්තු ලකුණු 21කක් සහ හර්ෂිතා සමරවික්රම ලකුණු 24ක් රැස් කළහ.
ආරම්භක පිතිකරු විශ්මි ගුණරත්න ලකුණු 45ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.
පිළිතුරු ඉනිම පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්ය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 134ක් පමණී.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 15ක ජයක් හිමි විය. පන්දු යැවීමේ දී චමරි අතපත්තු ලකුණු 28කට කඩුලු 02ක් බිඳ හෙළුවාය.
අවසන් මහ තරගය හෙට (07) මෙරට වේලාවෙන් රාත්රි 9.00ට ශ්රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර සෙයිඩ් ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතය.