Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Gaza»ඇමරිකන් ජනපති ඊශ්‍රායලයට අනතුරු අඟවයි
Gaza

ඇමරිකන් ජනපති ඊශ්‍රායලයට අනතුරු අඟවයි

kumudikaBy kumudikaMay 11, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි. ඊශ්‍රායල හමාස් යුද්ධයේදී, කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය පළ කරන ජෝ බයිඩන්, ඊශ්‍රායලයට සෘජුව අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව මෙය වේ.

අනතුරු අඟවමින් ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ගාසා තීරයේ රෆා නගරයට, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ නම් ඇමෙරිකාව ඊශ්‍රායලයට ආයුධ සැපයීම වහා නතර කරන බවය. මේ වනවිට ඊශ්‍රායලයට බෝම්බ සැපයීම තාවකාලිකව නතර කිරීමට ඇමෙරිකන් ජනාධිපති බයිඩන් තීරණය කර ඇත.

ඇමෙරිකන් ජනාපධිතිවරයාගේ මෙම තීරණය කනගාටුවට කරුණක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය පවසා තිබේ. ඇමෙරිකන් ජනාපධිතිවරයාගේ අනතුරු ඇඟවීම් අවධානය නොගෙන ඊශ්‍රායල ගුවන් හමුදාව රෆා නගරයට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් රෆා නගරයේ රෝහල් අඩපණ වී ඇති බවත්, රෝගීන්ට ප්‍රතිකාර කිරීම ගැටලුවක් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඊශ්‍රායලයට ආයුධ ලබා සැපයීම නවත්වනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, වත්මන් ජනාධිපති බයිඩන් විවේචනය කර ඇත. ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ බයිඩන් හමාස්වරුන්ගේ පැත්ත ගෙන, ඊශ්‍රායලය අමාරුවේ දැමූ බවය.

මෙම නොවැම්බර් මාසයේ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඊශ්‍රායල හමාස් ගැටුම් ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන සාධකයක් වනු ඇත.

මැදපෙරදිග කලාපයේ ඇමෙරිකාවේ හිතවතා වන්නේ යුදෙව් ඊශ්‍රායලයයි. ලොව එකම යුදෙව් රාජ්‍යය වන්නේ ද ඊශ්‍රායලයයි. පසුගිය ඔක්තෝබර් හත් වැනිදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය පෙරළා ගාසා තීරයට පහර දෙන්නේ, ‘රිසි පරිදි පහර දෙන්නැයි’ ඇමෙරිකන් ජනාධිපති ඊශ්‍රායලයට ලබා දුන් අවසරය නිසාය. ගාසා තීරයේ පලස්තීනුවන් 34,000 ක් මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගොස් ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් වෙති.

රෆා යනු ගාසා තීරයේ ඊජිප්තුවට මායිම්ව පිහිටා ඇති නගරයයි. ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දුන් අතර උතුරු දිග ගාසා තීරයේ සිටි පලස්තීන වැසියන් දකුණු දිග ගාසා තීරයේ රෆා නගරයට ගියෝය.

මේ වනවිට ගාසා වැසියන් මිලියන 1.3 ක්, සරණාගතයන් ලෙස ජීවත් වන්නේ රෆා නගරයේය. ඊශ්‍රායල හමුදා පහර දෙන්නේ රෆා නගරයේ සිටින පලස්තීන ජනතාවට සිය නිවෙස් වලින් ඉවත් වන්නැයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව දැනුම් දෙමිනි. මහා පරිමාණයෙන්, රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීමට සියලු කටයුතු සූදානම් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලී ඉහල දැමීමට සැලසුම්
Next Article මේ වසරේ මුල් කාර්තුවේදී දිවයිනට ලක්ශ අටක සංචාරක පැමිණීමක්
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.