ඔසාකා ගෝන් ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ත්‍රිත්වයක්
ජපානයේ ඔසාකාහිදී හෙට (12) ආරම්භ වන ඔසාකා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්ව නියෝජනය කරන නදීෂා රාමනායක ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.25ට, පිරිමි මීටර් 400 ඉසව්ව වෙනුවෙන් කාලිංග කුමාරගේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.15ට සහ කාන්තා මීටර් 800 ඉසව්වට තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 10.45ට තරග බිමට පිවිසෙති.
ලබන ජූලි මාසයේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන දෙවැනි අවස්ථාව මෙය වේ. මෙහිදී නදීෂා රාමනායක, කාලිංග කුමාරගේ හා තරුෂි කරුණාරත්න සිය හොඳම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමේ අපේක්ෂාවෙන් පසු වෙති.
පසුගිය ආසියානු ශූරතාවලියේ රන් පදක්කම්ලාභී නදීෂා රාමනායකට මීටර් 400 කාන්තා ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම වෙත ළඟාවීමට තත්පර 50.95කින් ධාවනය නිමකළ යුතු වේ. ඇය මෙයට දින කිහිපයකට පෙර ඩුබායි ග්‍රොන් ෆ්‍රී මලල ක්‍රීඩා ශූරතාවලියේදී තත්පර 53.82කින් තරගය නිම කොට දෙවැනි ස්ථානයට පත් වූවාය. ඇය මෙයට පෙර මේ ඉසව්වේ පුහුණු තරගයකදී තත්පර 53.22කින් මීටර් 400 නිම කළ අතර, පසුගිය වසරේ තායිලන්තයේ පැවති ආසියානු ශූරතාවලියේදී තත්පර 52.61ක දක්ෂතාවක් දැක්වූවාය.
ආසියානු ක්‍රීඩා උලෙළේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න මීටර 800 කාන්තා ඉසව්ව මිනිත්තු 1:59.30කින් නිමා කිරීමට සමත් වුවහොත් ඇයට ඍජුව ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදා වේ. තරුෂි මෙයට දින කිහිපයකට පෙර ඩුබායි ග්‍රොන් ෆ්‍රී මලල ක්‍රීඩා ශූරතාවලියේදී ධාවනයේ යෙදී සිටින අතරතුර තරගයෙන් ඉවත් වූවාය.
කාලිංග කුමාරගේ පිරිමි මීටර් 400 ඉසව්ව තත්පර 45.00කින් නිම කිරීමට සමත් වුවහොත් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථා උදාකර ගනී. කාලිංග පසුගිය වසරේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 ඉසව්ව තත්පර 45. 07කින් නිම කිරීමට සමත් විය. ඔහු පැරිස් ඔලිම්පික් පරිසාධන මට්ටම ආසන්නයේ සිටින බැවින් විශේෂ බලාපොරොත්තුවක් ඔහු පිලිබද තිබේ.
ඔසාකා ග්‍රොන් ෆ්‍රී මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා පුහුණුකරුවන් ලෙස සුසන්ත ප්‍රනාන්දු සහ විමුක්ති සොයිසා සහභාගිවී සිටින අතර, හෞතිත චිකිත්සක ලෙස බුද්ධික ජයරත්න මහතා කණ්ඩායම සමඟ ජපානයට පිටත්ව ඇත.