ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ හදිසි අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජය හෙට ජාතික ශෝක දිනයක් බවට පත් කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.
ඒ අනුව රජයේ සියළුම ආයතනවල ජාතික ධජය හෙට (21) දින අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීස් යසරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.