Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»තුවක්කු ආඥා පනත සංශෝධනය කෙරේ
Sri Lankan news

තුවක්කු ආඥා පනත සංශෝධනය කෙරේ

kumudikaBy kumudikaMay 24, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

1969 අංක 33 දරණ තුවක්කු ආඥා පනත සහ 1996 අංක 22 දරණ තුවක්කු සංශෝධන පනත මගින් නියම කර ඇති බලපත්‍ර ගාස්තු යාවත්කාලීන කර සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙම පනතේ ප්‍රතිපාදන අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා බලපත්‍ර මත ගිනි අවි නිකුත් කිරීම සිදුකරනු ලබන අතර ඒ සඳහා වාර්ෂික බද්දක් අය කරයි.

දැනට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ගිනි අවි ප්‍රමාණය 34318 ක් වන අතර බලපත්‍ර ගාස්තු වශයෙන් රුපියල් මිලියන 45ක පමණ මුදලක් වාර්ෂිකව මහා භාණ්ඩාගාරය වෙත බැර කරනු ලැබේ.

කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි 1816 අංක 33 දරණ තුවක්කු ආඥා පනත හා 1996 අංක 22 දරණ තුවක්කු පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගෙන ඇති නමුත් එකී සංශෝධන සිදු කරනු ලබන තෙක් අදාල බලපත්‍ර ගාස්තු වත්මන් අවශ්‍යතා අනුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයි රජය කියයි.

ඒ අනුව කටයුතු කිරීමට හැකිවන පරිදි තුවක්කු ආඥා පනතේ 24 වගන්තිය හා 34 වගන්තියේ (1) උප වගන්තිය කඩිනමින් සංශෝධනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleLPL ක්‍රීඩක වෙන්දේසිය ගැන සැකයක් – සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්
Next Article ෂෙයික් රෂීඩ් වීදියේ කිලෝමීටර් 9ක කොටසක් LED තාක්ෂණයෙන් ආලෝකකරණයට
kumudika

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.