Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»LPL ක්‍රීඩක වෙන්දේසිය ගැන සැකයක් – සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්
Sports

LPL ක්‍රීඩක වෙන්දේසිය ගැන සැකයක් – සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්

kumudikaBy kumudikaMay 24, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

LPL තරගාවලියේ ක්‍රීඩකයන් වෙන්දේසි වූ ආකාරය සහ කණ්ඩායම් හිමිකරුවන් එක් එක් මිල ගණන් යටතේ අත්කර ගනු ලැබූ ක්‍රීඩකයන් පිළිබඳ ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ දැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. පසුගියදා පැවති LPL ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් හිමිකරුවන් ඇතැම් ක්‍රීඩකයන් ඉහළ මිලකට මිල දී ගැනීම යම්කිසි කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළක කොටසක්දැයි විශේෂ විමර්ශන ඒකකයට සැක පහළ වී ඇතැයි වැඩිදුරටත් සඳහන්ය.

එක් කණ්ඩායම් හිමිකරුවකු විසින් මෙරට විශ්‍රාම ගිය ක්‍රීඩකයකු අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලකට මිල දී ගැනීම හේතුවෙන් මෙම සැකය මතු වී ඇති අතර, මෙවැනි ජාත්‍යන්තර තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමේදී මෙරටට ගලා එන විදේශ විනිමය නැවත වංචනික ක්‍රමවේදයක් යටතේ විදෙස් රටවල ගිණුම්වලට බැර වන්නේ දැයි ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය දැඩි සෝදිසියෙන් පසුවන බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.
තවද ඇතැම් ක්‍රීඩකයන් වෙන්දේසියේදී මිල දී ගැනීම පසුපස කොමිස් මුදල් අත්කර ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේදැයි විශේෂ විමර්ශන ඒකකය නිරීක්ෂණය කරමින් සිටින බව ද දැක්වේ. අවශ්‍යතාව මත ඉදිරියේදී තවත් පුද්ගලයන් රැසකගෙන් ප්‍රශ්න කිරීමට ද විශේෂ විමර්ශන ඒකකය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

LPL තරගාවලියේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු බව කියන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබූ බංග්ලාදේශ ජාතික ටමීම් රහ්මාන් නමැති පුද්ගලයා පෙරේදා අත්අඩංගුවට ගත්තේය. විශේෂ විමර්ශන ඒකකය ඉදිරියේදී පැවැත්වීමට නියමිත LPL තරගාවලියට අදාළව සිය බුද්ධි ජාලයට ලැබෙන තොරතුරු මත පුළුල් විමර්ශනයක් සිදු කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වූ පුද්ගලයා දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස ක්‍රීඩක වෙන්දේසියට එක්වී අමෙරිකානු ඩොලර් ලක්ෂ හතරහමාරකට දෙස් විදෙස් ක්‍රීඩකයන් 24 දෙනකු මිල දී ගනු ලැබුවද, LPL හිමිකරුවන්ගේ නම් ලැයිස්තුව යටතේ දඹුල්ල කණ්ඩායමේ හිමිකරු ලෙස ඉම්පීරියල් ස්පෝර්ට්ස් ගෘප් නමැති බ්‍රිතාන්‍ය සමාගමක නම සඳහන් වීම ද ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ දැඩි නිරීක්ෂණයට ලක්වී ඇතැයි වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ සමාගම් පිළිබඳ තොරතුරු ඇතුළත් endole වෙබ් අඩවියට අනුව ඉම්පීරියල් ස්පෝර්ට්ස් ගෲප් නමැති සමාගම ලියාපදිංචි කර ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදි වන අතර, එහි හිමිකරුවන් ලෙස නම් කර ඇති පුද්ගලයන් දෙදෙනා අතර ටමීම් රහ්මාන්ගේ නම සඳහන් නොවන බවද වාර්තා වේ. එම සමාගමේ ලියාපදිංචියට අනුව එම සමාගමේ සිටින්නේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරුන් දෙදෙනකු පමණක් බවද වාර්තා වේ. ඩැනියෙල් ජෝසෙෆ් විලියම්ස් (අධ්‍යක්ෂ සහ පරිපාලක) සහ ඩ්‍රිව් කැමරොන් ෂර්මන් (අධ්‍යක්ෂ ක්‍රීඩා පුහුණුකරු) යන බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා පමණක් සමාගමේ හිමිකරුවන් ලෙස එහි සඳහන් කර ඇතැයි වාර්තා වේ. එම ලියාපදිංචියට අනුව අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ඉම්පීරියල් ස්පෝර්ට්ස් සමාගමේ හිමිකරු ලෙස පෙනී සිටීම ද වි‍ශේෂ විමර්ශන ඒකකයේ දැඩි සැකයට ලක්වී ඇත.
අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අතිශය වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මඟින් පමණක් සිදුවී ඇති අතර, ඒ සඳහා කිසිදු පාර්ශ්වයක සහයෝගය ලැබී නැතැයි ද වාර්තා වේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉරාක සටන්කාමීන් ගෙන් ඊශ්‍රායල් වරායකට ප්‍රහාරයක්
Next Article තුවක්කු ආඥා පනත සංශෝධනය කෙරේ
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.