Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»2024 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය හෙට ඇරඹෙයි
World news

2024 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය හෙට ඇරඹෙයි

kumudikaBy kumudikaMay 31, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 9 වැනි වරටත් පවත්වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (1) අමෙරිකාවේදී ආරම්භ වීමට නියමිතය.

මෙවර තරගාවලියේදී අමෙරිකාව සමඟින් බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍ය සම සත්කාරකයන් ලෙස කටයුතු කරති. කොදෙව් හිදී තරග ආරම්භ වන්නේ අනිද්දා (2) දිනයේය. පළමු තරගයේ ආරම්භය අමෙරිකානු වේලාවෙන් ජුනි 1 දා රාත්‍රි 8.30ට ක්‍රියාත්මක අතර එය ශ්‍රී ලංකා වේලාව අනුව ඉරිදා (2) පෙරවරු 7.00 ලෙස දැක්වේ.  දෙවැනි තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ඉරිදා රාත්‍රි 8.00 පැවැත් වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟ ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් එක්වන තරගාවලිය මෙය ලෙස හැඳින් වේ. මෙවර කණ්ඩායම් 20ක් එක්වන අතර, අවසන් වරට පැවති විස්සයි20 තරගාවලියේදී (2022) රටවල් 16ක් මේ සඳහා සහභාගී වූහ. එක්දින ලෝක කුසලාන තරගාවලි සඳහා 2007දී කණ්ඩායම් 16ක් එක්ව තිබිණි.

මූලික වටයේදී කණ්ඩායම් 20 කාණ්ඩ 4කින් තරග බිමට පිවිසීමට නියමිත අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 5ක් ඇතුළත් වේ.
ඒ අනුව පිටියේ වැඩිම අවධානයක් යොමුවන තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය දැක්වෙන අතර එම කණ්ඩායම්  “A” කාණ්ඩයට ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකාව “D” කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර ඊට දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාල කණ්ඩායම් ඇතුළත් වේ.

සත්කාරක රට ලෙස තරඟාවලියට ඍජුවම එක්වීමේ අවස්ථාව අමෙරිකා එක්සත් ජනපදයට හිමි වූ අතර කැනඩාව සහ උගන්ඩාව යන රටවල්ද පලමු වරට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට මෙවර එක් වෙති. පැපුවා නිව්ගිනියාව, නේපාලය සහ ඕමානය යන රටවල් දෙවැනි වරට මෙම තරඟාවලිය සඳහා සහභාගී වේ. අවසන් වරට පැවති තරගාවලියට එක්වූ එක්සත් අරාබි එමීර් සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට මෙවර තරගාවලිය අහිමි විණි.

මෙවර තරගාවලිය ක්‍රීඩාංගණ 9කදී පැවැත්වෙන අතර, ඊට කොදෙව් ක්‍රීඩාංගණ 6ක් සහ අමෙරිකාවේ ක්‍රීඩාංගණ 3ක් ඇතුලත් වේ.
මේ අතරින් අමෙරිකාවේ නිව්යොර්ක් නුවර නසාවු ක්‍රීඩාංගණය විශේෂත්වයක් ගන්නා අතර, එය මේ තරගාවලිය සඳහාම නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා තරගය මෙම පිටියේ ආරම්භ කිරීමට නියමිත අතර 34,000ක ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරග නැරඹීමේ අවස්ථාව උදා වේ.

මෙවර තරගාවලිය තරග 55කින් සමන්විතය. හෙට (ජුනි 1) ආරම්භ වන තරගාවලිය ජුනි 29 වැනිදා දක්වා පැවැත් වේ. සුපිරි වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 8 අතර තරඟ ජුනි 19 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත් වේ.

අවසන් වරට පැවති තරගාවලියේ ශූරතාව දිනාගත්තේ එංගලන්තයයි. ඔවුන් 2010 වසරේදීද ශූරතාව දිනාගෙන ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් පිල ද දෙවරක් (2012 හා 2016) ශූරතාව දිනා ගෙන තිබේ. මංගල තරගාවලියේ ශූරයන් වූ ඉන්දියාව (2007), පාකිස්තානය (2009), ශ්‍රී ලංකාව (2014) සහ ඔස්ට්‍රේලියාව (2021) එක් වරක් බැගින් ශූරයන් වී ඇත.

මෙවර තරගාවලියේ තරඟ නිලධාරීන් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක් එක්ව සිටිති. 6 දෙනකුගෙන් සමන්විත තරග තීරකවරුන් අතරට රංජන මඬුගල්ලේ මහතා ඇතුළත්ව ඇති අතර කුමාර ධර්මසේන මහතා විනිසුරුවරයකු ලෙස තරඟාවලියට එක්වෙයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅධික වැසි හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය ඉහල යයි
Next Article 2024 ජුනි සඳහා එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල ප්‍රකාශයට පත් කෙරේ
kumudika

Related Posts

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.