Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025

කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්

June 12, 2025

විදේශ රටවල බැංකු වලින් ණයවර ලිපි විවෘත කර ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම නවතයි

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට
Sri Lankan news

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

kumudikaBy kumudikaJune 10, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය 2025 ජූනි මස 15 සහ 16 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

2005 වසරෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන බැවින් එය ඉතා සුවිශේෂි සංචාරයක් ලෙස සැලකේ.

සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ,ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් මහත්මිය සභාගිවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අර්ධය අවසන් වී ඇති මෙම අවස්ථාවේ දී පැවැත්වෙන මෙම සමුළුවේ දී සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලද අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම සංචාරයේ දී, ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳ ව ශ්‍රී ලංකා බලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන් සමග සාකච්ඡා පැවැත්වීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්ෂිකාව අපේක්ෂා කරයි.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි
Next Article උඩරට දුම්‍ රිය මාර්ගයේ ගමන් කරන විදේශිකයින්ට “ඔඩිසි කෑම්පර්” නමින් දුම්රිය මැදිරි කාමර
kumudika

Related Posts

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025

කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්

June 12, 2025

විදේශ රටවල බැංකු වලින් ණයවර ලිපි විවෘත කර ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම නවතයි

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.