Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ලංකා රජයට බිලියන 10 ක පාඩුවක් සිදු කල නීති විරෝධී වාහන ගණුදෙනුවට සම්බන්ධ රජයේ නිළධාරීන් ඇතුළු පිරිස අත් අඩංගුවට
sri Lankan special

ලංකා රජයට බිලියන 10 ක පාඩුවක් සිදු කල නීති විරෝධී වාහන ගණුදෙනුවට සම්බන්ධ රජයේ නිළධාරීන් ඇතුළු පිරිස අත් අඩංගුවට

kumudikaBy kumudikaJune 1, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා රජ­යට අය විය යුතු බදු මුදල් රුපි­යල් කෝටි දහ­ස­කට (බිලි­යන 10කට) අධික මුද­ලක් අහිමි කර­මින් රුපි­යල් කෝටි ගණ­නක වටි­නා­ක­මි­කන් යුත් වාහන නීති විරෝ­ධීව මෙර­ටට ආන­ය­නය කිරීමේ සිද්ධි­යට සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් සහ ඒ වාහන නීති විරෝ­ධිව ආන­ය­නය කළ සියලු පුද්ග­ල­යන් වහා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ රහ­සි­ගත හා බුද්ධි විම­ර්ශන ඒක­ක­යට ඊයේ (31) නියෝග කළේය.

මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් දෙපා­ර්ත­මේ­න්තුවේ තොර­තුරු පද්ධ­ති­යට නිති විරෝධී ලෙස දත්ත ඇතු­ළත් කළ මෙන්ම, එම වාහන ලියා­ප­දිං­චිය සිදු කළ නිල­ධා­රීන් සහ මේ වාහන නිතී විරෝ­ධිව ආන­ය­නය කළ සියලු අය එලෙස අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස නියෝග කෙරිණි. ශ්‍රී ලංකා රජ­යට අය­විය යුතු රුපි­යල් මිලි­යන 300කට අධික බදු මුද­ලක් අහිමි කර­මින් මෙර­ටට ආන­ය­නය කරන ලද රුපි­යල් කෝටි 10ක් වටිනා සුඛෝ­ප­භෝගී ජීප් රථ හයක් අත්අ­ඩං­ගු­වට ගෙන රේගු අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා වෙත භාර දෙන ලෙසද අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන සභාවේ රහ­සි­ගත හා බුද්ධි විම­ර්ශන ඒක­ක­යට ඊයේ (31) අධි­ක­ර­ණ­ නියෝග නිකුත් විණි. මේ සිද්ධි­යට අදාළ මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය අධි­ක­ර­ණය හමුවේ යළි කැඳවූ අව­ස්ථාවේ මේ කරුණු ඉදි­රි­පත් විය.

මේ නඩුව අධි­ක­ර­ණය හමුවේ කැඳවූ අව­ස්ථාවේ පැමි­ණිල්ල වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි අල්ලස් කොමි­සම සඳ­හන් කළේ නීති විරෝධී අංක තහඩු නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රීන් කිහිප දෙන­කුද සම්බන්ධ වී ඇති බවට කරුණු හෙළි වී ඇති බවයි. අප­රාධ නඩු විධාන සංග්‍රහ පනතේ 120 වග­න්තිය ප්‍රකා­රව මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය නිකුත් කරන ලද්දේ ශ්‍රී ලංකා රේගු­වෙන් නිෂ්කා­ශ­නය නොවූ මිට්ෂු­බිසි වර්ගයේ ජීප් රථය තුනක් සහ ටොයෝටා වර්ගයේ ජීප්රථ තුනක් සඳ­හාය. මේ මෝටර් රථ දෙක මෙර­ටට ආන­ය­නය කිරී­මේදී 235 වන අධි­කා­රියේ රේගු ආඥා පනෙත් 136 සහ 137 වැනි වගන්ති සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කිරීම සඳහා මේ වන විට සිවිල් පුද්ග­ල­යන් භාරයේ ඇති අදාළ වාහන ශ්‍රී ලංකා රේගුව භාර­යට ලබා දෙන ලෙසට නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි එම කොමි­සම කළ ඉල්ලී­මක් සැල­කි­ල්ලට ගත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා මේ නියෝ­ගය නිකුත් කළේය. මේ වාහන හය මේ වන විට ගාල්ල, අවි­ස්සා­වේල්ල, කුරු­විට, ත්‍රිකු­ණා­ම­ලය සහ කඩු­වෙල යන ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන් කිහිප දෙනකු සතුව පව­තින බවද අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම සුඛෝ­ප­භෝගී වාහන මෙර­ටට ගෙන්වී­මේදී ශ්‍රී ලංකා රේගු­වෙන් නිසි පරිදි නිෂ්කා­ශ­නය කට­යුතු සිදු නොවී­මෙන් ලංකා රජ­යට මේ මුදල අහිමි කර දූෂ­ණ­යක් සිදු කර ඇතැයි සද­හන් කර­මින් මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට කරුණු වාර්ත කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ රහ­සි­ගත හා බුද්ධි විම­ර්ශන ඒක­කය විසිනි.

මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක දත්ත පද්ධ­ති­යට ව්‍යාජ තොර­තුරු ඉදි­රි­පත් කර ශ්‍රී ලංකා රේගු­වෙන් නිසි පරිදි නිෂ්කා­ශ­නය නොකොට මෙර­ටට ගෙන්වා ඇති මෙම එක් වාහ­න­යක් නිෂ්කා­ශ­නය කර ඇත්තේ වෙනත් භාණ්ඩ ගෙන්වන මුවා­වෙන් බව ද අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක දත්ත පද්ධ­ති­යට ව්‍යාජ තොර­තුරු ඉදි­රි­පත් කර ශ්‍රී ලංකා රේගු­වෙන් නිසි පරිදි නිෂ්කා­ශ­නය නොකොට සුඛෝ­ප­භෝගී වාහන 200ක් පමණ මෙර­ටට ගෙන්වා ඇති බවට මේ වන විට විම­ර්ශ­න­ව­ලදී තහ­වුරු වී එම ඒක­කය ඉකුත් 2023 වසරේ දෙසැ­ම්බර් 8 දා අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබිණි.

මෙලෙස අධි චෝදනා ගොනු කරනු ලැබුවේ මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක වැඩ­ස­ට­හන් සම්පා­දක කුකුළේ කංකා­න­ම්ලාගේ රෝහිත සම­ර­වීර, එම දෙපා­ර්ත­මේ­න්තුවේ සංව­ර්ධන සහ පර්යේ­ෂණ හිටපු කොම­සා­රිස් උදි­යා­වත්ත, දඹ­දෙ­ණියේ පදිංචි කළු­දේ­වගේ බන්දුල ජය­සිංහ, එහි විම­ර්ශන සහ­කා­ර­ව­රුන් වන කද­වල, කටානේ පදිංචි නිතීඥ මුණ­සිංහ ආර­ච්චිගේ උපුල් ප්‍රියන්ත ද සිල්වා, රෆා­යල් වත්ත, යක්කල පදිංචි මුත්තුංග මුදි­ය­න්සේ­ලාගේ කේමන්ත මුත්තුංග, එම දෙපා­ර්ත­මේ­ත්තුවේ ලිපි­කරු පටි­පන උතුර හෝමා­ගම පදිංචි නෙර­ළුව ගමගේ චන්න රෝහිත, මීග­මුව පාර මැටි­ය­ගනේ ලිපි­න­යැති රන්දි මෝටර්ස් හිමි­කරු දිසා­නා­යක මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­රත්න බණ්ඩා සහ කොළො­න්යා­ය­වත්ත මැටි­ය­ගනේ පදිංචි වලි­සු­න්දර මුදි­ය­න්සේ­ලාගේ අජිත් කුමාර වලි­සු­න්දර යන අය­ටය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැයි මාසයේ ආහාර උද්ධමනය පහල යයි
Next Article එමීර් රාජ්‍යයේ ඉදිරි කාලගුණ අනාවැකිය
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.