Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»හල්ගොල්ල වතු යාය ලොව තිරසර සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි
Sri Lankan news

හල්ගොල්ල වතු යාය ලොව තිරසර සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

kumudikaBy kumudikaJune 8, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කැලණිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අනුබද්ධ හල්ගොල්ල වතුයාය ලොව ප්‍රථම වරට විශිෂ්ට ජයග්‍රහණ 3ක් තමන් සතු කරගත් බව කිංග්ස්බරි හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කලේය. එම අවස්ථාව සඳහා හේලීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ, නෙදර්ලන්ත තානාපති ගරු Bonnie Horbach, නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කෘෂිකර්මය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක නිශාන් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ මෙහෙයුම් උප ප්‍රධානී Katsuki Kotaro යන මහත්ම මහත්මීන් සමඟින් ක්ෂේත්‍රය හා සම්බන්ධ වෘත්තිකයින්, තිරසර විශේෂඥයන් සහ විද්වතුන් රැසක් එක්ව සිටියහ.

එසේම ආසියානු කලාපීය පාලන සංගමයේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
Dirk Teichert, ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ පාලන සංගමයේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් රණවක, ජාත්‍යන්තර සොබා සංරක්ෂණ සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය ශාමෙන් විදානගේ, ජාත්‍යන්තර සොබා සංරක්ෂණ සංගමයේ නිලධාරීන්, ඉහළ පෙළේ විද්වතුන්, තේ සහ කෘෂිකාර්මික අංශයේ නිලධාරීන් මෙන්ම හේලීස් සමූහයේ නිලධාරීන් රැසක්ද ඊට එක්වූහ.

හල්ගොල්ල වතුයාය අත්පත් කරගත් මෙම සුවිසල් ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ හේලීස් සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා “අපගේ ව්‍යාපාරයන් අතරට මේ ආකාරයේ ආදර්ශවත් වතු යායක් හිමි වීම අප ලද ගෞරවයක් කොට සැලකීමට කැමතියි. වතුයාය තුළ පවතින සියලු සම්පත් ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරන හල්ගොල්ල වතුයාය අද වන විට ලොව ඉහළම වටිනාකම් සහිත වතුයාය බවට පිළිගැනීමට ලක්ව තිබෙනවා. මෙරට සමස්ත වැවිලි ක්ෂේත්‍රයටම කදිම ආදර්ශයක් සපයන හල්ගොල්ල වතුයාය දේශීය, කලාපීය හා ගෝලීය වැවිලි කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් තිරසාරත්වයන් හා නවෝත්පාදනයන්හි නිජබිමක් ලෙස සඳහන් කළ හැකියි” යනුවෙන් සඳහන් කරන ලදී.

මෙහිදී Regenagri සහතිකයෙන් පිදුම් ලැබීමට හල්ගොල්ල වතුයාය සමත් වූයේ පසෙහි සාරවත් බව සුරැකීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම හා කාබන්ඩයොක්සයිඩ් ශුන්‍ය කිරීම වැනි විවිධ තිරසර භාවිතයන් අනුගමනය කිරීම හේතුවෙනි.

ඒ පිළිබඳව සිදු කළ ඇගැයීම තුළින් වතුයාය මඟින් ඉහළ පාරිසරික ප්‍රමිතීන් අනුගමනය කරන බවට සහතික කර ඇත. මෙම වැඩසටහනේදී කාබන් අලෙවි වෙළෙඳපොළ හා පාරිසරික සහනාධාර තුළින් ගොවීන් හට අමතර අරමුදල් සපයා ගැනීමේ අවකාශ උදා කර දීමද විශේෂත්වයකි. හල්ගොල්ල වතුයාය මෙම සුවිශේෂී ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය හා Wageningen විශ්වවිද්‍යාලය සමඟ සහයෝගයෙනි.

Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදිවි නොතකා ජීවිත දෙකක් බේරා ගත් වීර චරිත්මාට පාර්ලිමේන්තුවේ ප්‍රණාමය
Next Article රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සම්මතයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ස්ථාවර තැන්පතු ක්‍රමයක්

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.