රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (07) විවාදයට ලක් කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය.
ඊයේ පැවති පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අවසානයේදී කාරකසභා අවස්ථාව එළඹි අතර එහිදී පනත්කෙටුම්පතට සංශෝධන එක්විය. අනතුරුව පනත්කෙටුම්පත තෙවන වර කියවීම සම්මත විය.
ආණ්ඩුව වෙනුවෙන් රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ රාජ්‍ය ණය සේවාකරණය සඳහා බලය ලබාදීම සහ ඇපකර නිකුත් කිරීම ආදී රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම මෙන්ම ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත 2024 අප්‍රේල් 26 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.