ඉදිරි ඔක්තෝබර් මාසයේ සිට මෙරටට වාහන ආනයනය ආරම්භ කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබේ.
අදියර කිහිපයක් යටතේ එම අවසරය ලබාදෙන බවත් ඒ අනුව අතර ඔක්තෝබර් මාසයේ සිට කාර්මික හා බර වාහන ආනයනය ආරම්භ කිරීම සිදු කෙරේ.
අනතුරුව දෙවන අදියරේදි ත්‍රී රෝද රථ හා යතුරුපැදි ආනයනය සිදුකිරීමට නියමිතය.
තුන්වන පියවර ලෙස කුඩා මෝටර් රථ නිශ්චිත පරාසයක් යටතේ ආනයනය කරන බවත් පවසන අමාත්‍යවරයා සුඛෝපභෝගී වාහන සිව්වන අදියරේදී එනම් 2025 වසරේ දී ආනයනය කරන බවත් සඳහන් කර ඇත.
විදුලි වාහන ආනයනයට ප්‍රමුඛතාවය ලබාදීම රජය ප්‍රමුඛත්වය වනු ඇති බවත් හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ.
මෙවර ආනයනය කරනු ලබන්නේ නවතම වාහන හෝ වසර දෙකක් පමණක් පැරැණි වාහන බවද සදහන් වේ.