Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් නව කොමිෂමක්
Sri Lankan news

ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් නව කොමිෂමක්

kumudikaBy kumudikaJune 11, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආබාධ සහිත ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සදහා නව කොමිෂන් සභාවක් පිහිටුවීමට අවශ්‍ය  විධිවිධාන ඇතුළත් නව පනත් කෙටුම්පත අවසන් කිරීම සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස හා එහි අවසන් කෙටුම්පත ජූනි 14 වන විට සංසදයට ඉදිරිපත් කරන ලෙස ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අදාළ සියලු පාර්ශ්වයන්ට පසුගියදා දැනුම් දුන්නේය.

එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළ අතර සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පැස්කුවල් මහතා ද මෙම අවස්ථාවට එක්විය.

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් සදහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව මෙම පනත් කෙටුම්පත සකස්වන බවත් මෙහිදී අනාවරණය විය. එසේම කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව මෙය කෙටුම්පත් කළ යුතු බවත් මෙහිදී සංසදයේ සභාපතිවරයා පෙන්වා දී තිබේ.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය ඇතුළු සියලු පාර්ශ්ව මැදිහත්ව මෙය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. අනතුරුව අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබාගෙන අවසන් ලියවිල්ල සකස්කළ හැකි බවත් සංසදයේ සභාපතිවරයා සදහන් කළේය.

මෙම කටයුතු සදහා අධිකරණ විෂයභාර අමාත්‍යවරයාගේ පූර්ණ මඟ පෙන්වීම සහ ආශීර්වාදය හිමිවන බවත් ඒ අනුව ලබන ජූනි 14 වැනිදා වන විට අවසන් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් (presentation) සංසදයට සිදු කරන ලෙස ද දැනුම් දුන්නේය.

එසේම මේ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡාකොට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සදහා විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා හමුවීමට ද කඩිනමින් පියවර ගන්නා බව සංසදයේ සභාපතිවරයා තවදුරටත් මෙහිදී පැවසීය.

ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනය සදහා දැනට පාසැල් 27ක් පවතින බවත් ඒවා පාලනය වන 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනත සහ එහි සංශෝධන විය යුතු විධිවිධාන පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මධුර විතානගේ, වීරසුමන වීරසිංහ සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහූ ද ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණෙහි නියෝජිතයෝද, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද මෙම ‍අවස්ථාවට එක්ව සිටියහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ආසියාවේ ප්‍රශංසනීය ස්ථානයක් ලබා ගනී
Next Article රුසියානු සන්නද්ධ හමුදා වලට මින් පසු ශ්‍රී ලාංකිකයන් බඳවා නොගැනේ
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.