Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රුසියානු සන්නද්ධ හමුදා වලට මින් පසු ශ්‍රී ලාංකිකයන් බඳවා නොගැනේ
Sri Lankan news

රුසියානු සන්නද්ධ හමුදා වලට මින් පසු ශ්‍රී ලාංකිකයන් බඳවා නොගැනේ

kumudikaBy kumudikaJune 11, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ පැවැත්වෙන බ්‍රික්ස් විදේශ අමාත්‍ය සැසිවාරය – 2024 සඳහා සහභාගී වීමට රුසියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (10) රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලැව්රොව් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත විය.

මෙම හමුවේදී, සංචාරක, උසස් අධ්‍යාපන සහ ආර්ථික සහයෝගිතාව යන ක්ෂේත්‍රවලද ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට විදේශ අමාත්‍යවරු දෙදෙනා එකඟ වූහ.

මෙහිදී, අමාත්‍ය සබ්රි මහතා රුසියානු සන්නද්ධ හමුදාවලට බැඳුණු ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබඳ ගැටලුව කෙරෙහි රුසියානු විදේශ අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවූ අතර ඔවුන් මුහුණ දෙන ගැටලු විසැඳීම සඳහා ඔහුගේ සහය ඉල්ලා සිටියේය.

මේ පිළිබඳ , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිස සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර 2024 ජූනි 26 – 27 යන දිනවල පැවැත්වීමට නියමිත ඉදිරි රැස්වීමේදී මෙම ගැටලු සවිස්තරාත්මකව සමාලෝචනය කොට තත්ත්වය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ එකඟතාවක් ඇති කර ගෙන ඇත.

අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලීම පරිදි, මින් ඉදිරියට ශ්‍රී ලංකාවෙන් රුසියානු හමුදාවලට බඳවා ගැනීම් සිදු නොකිරීමටද එකඟතාවක් ඇති කර ගත් බව වාර්තා වේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් නව කොමිෂමක්
Next Article ඇපල් ස්මාර්ට් දුරකථන AI තාක්ෂණයෙන් බල ගැන්වෙයි
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.