Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලක් රජයේ වාහන ආනයන වැඩපිළිවෙළ නිවේදනය කරයි
Sri Lankan news

ලක් රජයේ වාහන ආනයන වැඩපිළිවෙළ නිවේදනය කරයි

kumudikaBy kumudikaJune 18, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ වැඩපිළිවෙළ සැකසීම සඳහා කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මග පෙන්වන්නෙකු බවට පත්ව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ බොහෝ මූල්‍යමය කාරණා පිළිබඳව සාකච්ඡා කොට එකඟතාවයන්ට පැමිණිම සිදුකරන බවයි.

ඒ අනුව වාහන ආනයනය යනු රටේ විදේශ සංචිතවලට සෘපුවම බලපාන කරුණක් බැවින් වාහන ආනයන සීමාවන් ලිහිල් කරන සැලසුම , රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එම සැලැස්මට අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගන්නා වාහනවල සිට නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අනුපිළිවෙළකට ආනයන සීමා ලිහිල් කිරීම සිදු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එම නිශ්චිත වැඩපිළිවෙළ සැකසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙළඳ හා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව , මහ බැංකුව , වාහන ආනයන කිරීමේදී නව හා පාවිච්චි කරන ලද මෝටර් රථ ගෙන්වන කණ්ඩායම් දෙකේ නියෝජිතයින් , වාහන එකලස් කරන්නන්ගේ සංගමයේ නියෝජිතයින් , කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය ආදී වාහන ආනයනය කිරීමේදී බලපෑම් ඇති වන සියළු කණ්ඩායම් ඇතුළත් වන පරිදි එම කමිටුවක් පත් කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම මෙම වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී පොදු මහජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් සඳහා යොදාගන්නා වාහන,භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා වාහන , මහජනතාව විකල්ප ලෙස යොදාගන්නා යතුරු පැදි හා මෝටර් රථ හා එයිනුත් පසුව සුඛෝපභෝගී රථ වාහන සීමා ලිහිල් කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය. විද්‍යුත් වාහන ආනයනය කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කරන බව ද හෙතෙම වැඩිදුරටත්  පැවසීය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleWhatsapp මෘදුකාංගයේ නව වෙනසක්
Next Article ජනපතිගේ උපදෙසින් මන්නාරම නව සංවර්ධනයකට මුල පුරයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.