Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජනපතිගේ උපදෙසින් මන්නාරම නව සංවර්ධනයකට මුල පුරයි
Sri Lankan news

ජනපතිගේ උපදෙසින් මන්නාරම නව සංවර්ධනයකට මුල පුරයි

kumudikaBy kumudikaJune 18, 2024No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මඩු වන්දනාවේ යෙදෙන බැතිමතුන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරතවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කලේය.

මඩු දේවස්ථානයට පැමිණෙන මාර්ගය සහ ශ්‍රී පාදයට පැමිණෙන මාර්ගය තිබෙන්නේ වන්දනාකරුවන් සඳහා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන දඩ නියම කිරීම සාධාරණ කටයුත්තක් ලෙස තමා නොදකින බවද සඳහන් කර තිබේ.

මඩු වන්දනාකරුවන් ඉදිරියේදී යළි අත්අඩංගුවට පත්වුවහොත් වහාම ඒ පිළිබඳ ජනාධිපති කාර්යාලය දැනුවත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
එහිදී අදහස් පල කල ජනාධිපතිවරයා
“මන්නාරම නගරයට ඇතුළුවන ස්ථානයේ ආරක්ෂක අංශ යොදා තිබෙන මුරකුටිය ඉවත් කිරීම එකවර සිදු කිරීමට නොහැකියි.

ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. මන්නාරම දිස්ත්‍රික්කයට අවශ්‍ය සංවර්ධනය අප ඉදිරියේ දී ලබා දෙනවා. මෙම වසරේදි එහි මූලික අඩිතාලම තැබීමට බලාපොරොත්තු වෙනවා.

මට අවශ්‍ය වුණේ මන්නාරම අවට සිදුවන මෙම පුළුල් සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ ඔබව දැනුවත් කිරිමටයි. ඒ නිසා ඔබ කිසිවෙකුට හසු විය යුතු නැහැ. අප සියලුදෙනා එක්ව මෙම ප්‍රදේශයේ පුළුල් සංවර්ධනයක් සිදු කර මෙරට ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙන දිස්ත්‍රික්කයක් බවට මන්නාරම දිස්ත්‍රික්කය පත් කරනවා.”

මඩු දේවස්ථානය සඳහා පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා දැනට තිබෙන මඩු මාර්ගය දෙපස කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ද යුද හමුදාවට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා මන්නාරම රදගුරු හිමියන්ගේ නියෝජිතයෙකු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගන්නා ලෙසද දැනුම් දුන්නේය.

මඩු දේවස්ථානයේ ඉදිරියේ දී පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයට පෙර මෙම පවිත්‍රතා කටයුතු නිම කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ සොයා බැලීමේ අරමුණින් කැඳවා තිබු මෙම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම සඳහා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටියහ.

දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, අධ්‍යාපන, වාරිමාර්ග ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටළු මෙහිදී සෘජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුනු අතර එම බොහෝ ගැටළුවලට එම අවස්ථාවේ විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

මන්නාරම රෝහලට දිගු කලක සිට අඩුවක්ව පවතින CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා කළ ඉල්ලීම පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා එය කඩිනමින් ඉටු කර දෙන බවද පැවසීය.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයට අහිමි වූ සංවර්ධනය නැවත ලබා දෙන බවත් එම වැඩපිළිවෙළ මෙම වසරේදි ආරම්භ කරන බවය.

ඉදිරි දශක පහ තුළ වෙනස්වන කාලගුණයට අනුරූපව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි විසඳුම් දැන් සිට සොයා බැලීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළ ජනාධිපතිවරයා ඉදිරි වසර පනහක කාලය තුළ තෙත් කලාප වලට වැඩියෙන් වැසි ලැබෙන අතර වියළි කලාපවලට වැසි නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවට පුරෝකථනය කර ඇති බවද පෙන්වා දුන්නේය. වෙනස් වන ලෝකයට ගැලපෙන ආකාරයෙන් ආර්ථික, සාමාජීය අධ්‍යාපන හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර තුළ නව පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

“දශක තුනක යුද්ධයකට මුහුණ දීමෙන් පසු මන්නාරම දිස්ත්‍රික්කය අද නැවත ගොඩනැගෙමින් තිබෙනවා. මෙම දිස්ත්‍රික්කය තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගත හැකියි. සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය මෙන්ම පුනර්ජනනීය බල ශක්තිය සඳහා ද මෙම දිස්ත්‍රික්කය තුළ ඉහළ විභවතාවක් පවතිනවා.

මෙම ප්‍රදේශ තුළ සුළං සහ සූර්ය බල ශක්තිය නිපදවීමට ඇති හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතිනවා. එම බලශක්තිය නිෂ්පාදනය කර ඉන්දියාවට විකිණීමේ ක්‍රමවේදයක් පිළිබඳව ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කලා.

හරිත බලශක්තිය උත්පාදනය කිරීම සඳහා උතුරු පළාතේ විශේෂ හැකියාවක් තිබෙනවා. වැව් මත සූර්ය පැනල බලාගාර ඉදිකිරීම සහ සුළං බලාගාර ඉදිකිරීම මගින් විශාල බල ශක්තියක් උත්පාදනය කළ හැකියි. එම බලශක්තිය ඉන්දියාවට සහ අනෙක් රටවලට අළෙවි කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගත හැකියි. හරිත බලශක්තිය සහ හරිත හයිඩ්‍රජන් මඟින් හරිත ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා”.

“මන්නාරම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරනවා. පුත්තලම හරහා මන්නාරමට පැමිණීමේ මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර පිළිතුරක් ලබාදිය හැකියි. මන්නාරම රෝහලට අදාල CT ස්කෑන් යන්ත්‍රයක්ද ලබාදීමට කටයුතු කරනවා. නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අප ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට සංවර්ධන කමිටුව රැස්ව සාකච්ඡා කර යෝජනා ලබා දෙන ලෙස දන්වා සිටීමට කැමතියි. මේ ප්‍රදේශයේ තිබෙන වැව් ආරක්ෂා කිරීම හා මල්වතු ඔය ව්‍යාපාරයෙන් මන්නාරමට පැමිණෙන ජලය සුරක්ෂිත කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ඉදිරි දශක පහ ඇතුළත තෙත් කලාපවල වැසි වැඩිවීමත් වියළි කලාපවල වැසී නොමැති තත්ත්වයක් ඇතිවන බවටත් පුරෝකථනය කර තිබෙනවා. එම තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා දැන් සිට අප ක්‍රියාත්මක විය යුතුයි.”

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලක් රජයේ වාහන ආනයන වැඩපිළිවෙළ නිවේදනය කරයි
Next Article ඩුබායි සමාගමක් ත්‍රිමාණ මුද්‍රිත අභ්‍යවකාශ රොකට් එන්ජිමක් අත්හදා බලයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.