Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Technology»“Nvidia” සමාගම Apple සමාගම අභිබවා පෙරමුණට
Technology

“Nvidia” සමාගම Apple සමාගම අභිබවා පෙරමුණට

kumudikaBy kumudikaJune 20, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක ප්‍රකට Apple සමාගමේ වත්කම් අභිබවා යමින් ලෝකයේ වටිනාම සමාගම බවට “Nvidia” සමාගම පත්ව තිබේ.

Apple සමාගම ලොව වටිනාම සමාගම බව ප්‍රකාශයට පත්කර දින කිහිපයකට පසු මෙම නව වාර්තාව Nvidia සමාගමෙන් ඉදිරිපත් විය.
මේ අනුව Nvidiaසමාගමේ කොටස් වටිනාකම ඊයේ සියයට 3.5කින් ඉහළ ගොස් ඇත.

එහි අගය සටහන් වුණේ ඩොලර් 136ක් ලෙසය.
Nvidia සමාගම කෘත්‍රීම බුද්ධිය (AI) සඳහා භාවිත කෙරෙන මෙවලම් සඳහා අවශ්‍ය පරිගණක චිප් නිෂ්පාදනය කරනු ලබන සමාගමකි.
එම නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවයි වෙළෙඳපොළ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ඒ අනුව Nvidia සමාගමේ වර්තමාන වටිනාකම ඩොලර් ට්‍රිලියන 3.34 කි. එය අමෙරිකානු බහුජාතික සමාගමක් වන අතර එහි මූලස්ථානය කැලිෆෝනියාවේ පිහිටා තිබේ.
මයික්‍රොසොෆ්ට්, මෙටා සහ ගූගල් වැනි තාක්‍ෂණික දැවැන්තයන්ගෙන් Nvidia සමාගමේ චිප්ස් සඳහා අධික ඉල්ලුමක් පවතින බව වාර්තා වේ.
Nvidia සමාගමේ කොටස් මිල 2023 වසරේ දී තුන් ගුණයකින් වැඩි වීය.

2024 වසරේ මේ දක්වා කාලය තුළ එය සියයට 182කින් පමණ ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

OpenAI’s ChatGPT වැනි (AI) මාදිලි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත මධ්‍යස්ථානවල භාවිත වන (AI) චිප් සඳහා වෙළඳපලෙන් සියයට 80ක් පමණ Nvidia ආයතනයෙන් පාලනය කරනු ලැබේ.
එහි කොටස් වෙලඳපොල ආරම්භයේ සිට (1999) ‘Nvidia‘ කොටස් සියයට 591,078 කින් ඉහළගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

‘Nvidia‘ එහි මුල් දශක කිහිපය පරිගණක ක්‍රීඩාවලට අවශ්‍ය චිප් නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කළ අතර මේ මොහොත වන විට එය ලෝකයේ දැවැන්තම සමාගම බවට පත්ව ඇත.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක්
Next Article එමීර් රාජ්‍ය  Fatwa කවුන්සිලය ස්ථාපිත කරයි
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.