Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පොසිල ඉන්ධන වෙනුවට හරිත ඉන්ධන භාවිතයට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය
Sri Lankan news

පොසිල ඉන්ධන වෙනුවට හරිත ඉන්ධන භාවිතයට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය

kumudikaBy kumudikaJuly 11, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සංවර්ධනය උදෙසා හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. හරිත හයිඩ්‍රජන් වල අගය එකතු කළ නිෂ්පාදනයක් වන හරිත ඇමෝනියා, දීර්ඝ ගමනාන්තයන් වෙත ගැඹුරු මුහුද හරහා බල ශක්තිය ප්‍රවාහනය කිරීම සඳහා සාම්ප්‍රදායික පොසිල ඉන්ධන වෙනුවට භාවිත කළ හැකි පරිසර හිතකාමී විකල්පයක් ලෙස හඳුනා ගෙන තිබේ. 

බලශක්ති ප්‍රවාහනය සඳහා යොදාගත හැකි වාණිජ හරිත ඇමෝනියා සඳහා වන ඉල්ලුම ගෝලීය වෙළෙඳපොළේ සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පවතින බව රජය කියා සිටියි.

එම ඉල්ලුම 2030 වන විට ටොන් බිලියන ගණනක් දක්වා ඉහළ යනු ඇතැයි ද පුරෝකථනය කර තිබේ. ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති සම්පත් වලින් බහුල වීම සහ නැගෙනහිර – බටහිර නාවික මාර්ගයට ආසන්නයේ පිහිටීම වැනි සුවිශේෂ භූගෝලීය වාසි හේතුවෙන් හරිත බලශක්ති නිෂ්පාදකයෙක්, අපනයනකරුවෙක් සහ බලශක්ති කලාපීය කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්ථාපනය වීම සඳහා වැඩි අවස්ථාවක් පවතින බව රජය කියයි .

ඒ අනුව හරිත හයිඩ්‍රජන් / ඇමෝනියා නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉදිරිපත් වන පුද්ගලික අංශයේ ආයෝජන යෝජනා ඇගයීමට ලක් කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අදාළ ආයතනවල නියෝජනයන්ගෙන් සමන්විත ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජූලි 10-11 දිනවල ඩුබායි හි මෙට්‍රෝ දුම්රිය ස්ථානවලින් නොමිලේ අයිස්ක්‍රීම්
Next Article රජයේ ආයතන කීපයක් සමඟ ශ්‍රී ලංකා පොලිසිය ගිවිසුම්ගත වෙයි
kumudika

Related Posts

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.