Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවෝ මිලියන තුනක් ණය උගුලේ
Sri Lankan news

ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවෝ මිලියන තුනක් ණය උගුලේ

kumudikaBy kumudikaAugust 8, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ මිලියන 3 ක් ණය ආපසු ගෙවීමේ අර්බුදයකට හසුවී ඇතැයි වාර්තා වේ. මිලියන 2.4 ක කාන්තාවෝ ණය ගෙවා ගත නොහැකිව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට හසු වී තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ස්ථිරසාර විසඳුමක් රජය සෙවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.

“අද අපේ රටේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව, ආර්ථික ස්ථායිකරණ කමිටුව, අමාත්‍යාංශය විසින් යෝජනා කරලා තියෙනවා. මේක දිහා බලාගෙන යනකොට යම් යම් ධනාත්මක ලක්ෂණ අත්පත් කරගෙන තියෙනවා වගේම, තාමත් සතුටු වෙන්නට බැරි, ලක්ෂණත් ගණනාවක් තිබෙන බව අපිට පේනවා. විශේෂයෙන්ම මේ ආර්ථික වර්ධන වේගය මේ පළවෙනි කාර්තුවේ දී 5.30 ක ධන වර්ධන වේගයක් සනිටුහන් කරගෙන තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම රටේ දළ දේශීය නිෂ්පාදනයේ ඉදිරි ගමනට යම් දිරියක් ලබා දෙන ක්‍රියාවලියක්.

ඒක අපිට සතුටු වෙන්න පුළුවන් දෙයක් රටක් හැටියට. හැබැයි මේක ඇතුලේ අපි අමතක කරන්න හොඳ නෑ විශේෂයෙන්ම අපගේ ප්‍රාථමික ශේෂයේ කිසියම් ධනාත්මක වර්ධනයක් ඇති කර ගැනීමෙන් ආණ්ඩුවේ ආදායම් ලබාගෙන තියෙනවා. මේකෙ දත්ත තියෙන්නේ අප්‍රේල් මාසය සඳහා විතරයි. නමුත් ඇත්තටම මේ ජූනි මාසය දක්වා ආණ්ඩුවේ ආදායම් වාර්තාව ගත්තහම ඒ ජූනි මාසය දක්වා ආණ්ඩුවේ ආදායම් වාර්තාවට අනුව ආසන්නයෙන් බලාපොරොත්තු වෙච්ච ආදායම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව ඒ වාර්තාවන්ට අනුව ආසන්නයෙන් තමන්ගේ ඉලක්ක සපුරගෙන තියෙනවා. මේ වගේ ධනාත්මක කරුණු ගණනාවක් මේකේ තියෙනවා.

ඒ වගේම මේ රටේ බැංකු පද්ධතිය පිළිබඳවත් යම් තොරතුරු වාර්තාකරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ලංකා බැංකුවේ තැන්පතු ප්‍රමාණය පළවෙනි මාස හතර ඇතුළත 3.6%කින් පහළ ගිහින් තියෙනවයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ බැංකු පද්ධතියේ රටේ තියෙන ලොකුම බැංකුවේ වත්කම් ප්‍රමාණයත් ඒ වගේම ඒගොල්ලන්ගේ තැන්පතු ප්‍රමාණයත් 3.6% කින් අඩුවෙලා තිබෙන බව මේ වාර්තාවේ සඳහන් වෙනවා.

ඒ වගේම ‍රාජ්‍ය අංශයේ බොහෝ සංස්ථා ආයතන පනස් දෙකම ගත්තම ඒ ගණයේ ඒවා කීපයක් හැරුණු එකට අනිත් සියල්ල ලාභ උපයන තත්වයට පත්වෙලා. අද වෙනකොට බිලියන 185 ක් මේ පළවෙනි මාස හතරේ ලාභය හැටියට වාර්තා වෙනවා. ඉතින් මේ වගේ මේ ධනාත්මක ලකුණු ගණනාවක් ආණ්ඩුවේ ආයතන සම්බන්ධයෙන්, ආර්ථිකය සම්බන්ධයෙන් තිබෙනවා. ඒ ගැන අපිට සතුටු විය හැකියි.

නමුත් මෙහි සඳහන් නොවෙන තව විශාල කරුණු ගණනාවක් තිබෙනවා. උදාහරණයක් හැටියට ලංකා විදුලිබල මණ්ඩලය ලාභදායී වෙලා තියෙනවා. හැබැයි, ඒ විදුලි බිල ගෙවාගන්න බැරුව, කර්මාන්ත ක්ෂේත්‍රයේ 20 ක් වැහී ගිහින් තියෙනවා. ඒ වගේම, ඒ ක්ෂේත්‍රයේ කර්මාන්ත වෙළඳාම ඒ වගේම සාමාන්‍ය විදුලි පරිභෝජකයා මේ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි දැවැන්ත සමාජ අර්බුදයකට ලක්වෙලා තියෙනවා. ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඒ වගේම අයි ඕ සී එක, ඒ වගේම සිනොපෙක් එක මේ සියලු ආයතන ලාභ ලබලා තියෙනවා. විශාල බදු මුදල් ආණ්ඩුවට ලබාදීලා තියෙනවා. මේ අවුරුද්දේ අවසාන මාස කිහිපය තුළ ලංකාවට පිරිපහදු කරන ලද පෙට්‍රල් 92 ගෙනැවිත් තිබෙන්නේ රුපියල් 195 කට. ඒ වගේම ඩීසල් ගෙනල්ලා තියෙන්නේ රුපියල් 200 කට ආසන්න මුදලකට. එතකොට මේ ඉතුරු ටික බදු සහ මේ ආයතන වල ලාභ. විශේෂයෙන්ම මේ ඩීසල් පිළිබඳව මේ අධික බදු ඒ වගේම අධික ලාභ ඉපයීමේ ක්‍රියාවලිය හරහා, අතීතයේ ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්, තෙල් සංස්ථාව ඇතුළු ඒ ආයතන වල. මේක නිසා ආර්ථිකයට ඇතිවෙන බලපෑම කොච්චරද? ප්‍රවාහනය කියන කාරණයත් එක්ක, ආහාර නිෂ්පාදනයට, ට්‍රැක්ටර්වලට, ලොරි රථ වලට, පොදු ප්‍රවාහනයට විශාල බාධාවක් එල්ල වෙනවා ආර්ථිකයේ ඉදිරි වර්ධනයට විශාල විලංගුවක් ඒක තුළින් ලැබෙනවා.”

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබ්‍රිතාන්‍ය සංචාර පිළිබඳ අනතුරු ඇඟවීමක්
Next Article UAE කැබිනට් මණ්ඩලය නිවාස ව්‍යාපෘති සඳහා ඩිරාම් බිලියන 2ක් වෙන් කරයි
kumudika

Related Posts

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.