Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මැතිවරණය අතරතුර රාජ්‍ය සේවයින්ට විශාල පඩි වැඩි වීමක්
Sri Lankan news

මැතිවරණය අතරතුර රාජ්‍ය සේවයින්ට විශාල පඩි වැඩි වීමක්

kumudikaBy kumudikaAugust 14, 2024No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

– ජීවන වියදම් දීමනාවත් රු. 25,000 බැගින් වසර 3ක්

– මූලික වැටුප සියයට 24ත්-35ත් අතර ප්‍රමාණයකින් ඉහළට

– ඒ අනුව පහළම ශ්‍රේණියේ සේවකයන්ට මාසිකව රු. 55,000ක වැටුප් හා දීමනා

ලබන වසර සඳහා වන අය-වැය මඟින් රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප සියයට 24ත් – 35ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

අවම මූලික වැටුප ඉහළ නැංවීමෙන් පසු රාජ්‍ය අංශයේ පහළම ශ්‍රේණියේ සේවකයන්ටත් සේවා නියුක්ත කම්කරුවන්ටත් මසකට අවම වශයෙන් රුපියල් 55,000ක වැටුපක් හිමි වනු ඇත. එසේම රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි සේවකයන්ට ලබන අය-වැයේ සිට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ගෙවීමටත් තීරණය වී ඇති අතර එම දීමනාව සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමටත් යටත්ව ගෙවනු ලැබේ. අනෙකුත් සියලු තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැළපීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මෙම ගෙවීම් සියල්ල 2025 අය-වැය ලේඛනයට ඇතුළත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (13) ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයේ වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර, රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා, 2025 අය-වැය මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා 2024.05.27 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව ද ඔහු කීවේය.

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කරනු ලැබීය. අදාළ තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අතුරු වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබ තිබෙන බව ද ඇමැතිවරයා කියා සිටියේය.

එකී වාර්තාවේ නිර්දේශ යෝජනා සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත් අදාළ යෝජනා 2025 වර්ෂයේ අය-වැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ද ඇමැතිවරයා කීවේය.

සමස්ත රාජ්‍ය සේවයේ සියලු තනතුරු ප්‍රධාන මට්ටම් 04ක් යටතේ වර්ගීකරණය කර, එක් එක් කාණ්ඩය ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (SLQF) හා ජාතික වෘත්තීය නිපුණතාව (NVQ) පදනම් කර ගනිමින් හා අදාළ රැකියා කාර්යභාරය, වගකීම් හා විශේෂ රැකියා සඳහා නිපුණතාවකින් යුත් සේවකයන් ආකර්ෂණය කර ගැනීම හා රැකියාවන්හි රඳවා ගැනීම සැලකිල්ලට ගෙන, බඳවා ගැනීමේ සුදුසුකම් අනුකාණ්ඩවලට වර්ගීකරණය කිරීමට ද අනුමැතිය හිමි වූ බව ඒ මහතා සඳහන් කළේය.

ප්‍රාථමික සේවා කාණ්ඩ සඳහා ද බඳවා ගැනීමේ මූලික සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය, ජාතික වෘත්තීය නිපුණතාව පදනම්ව සේවා අවශ්‍යතාව පරිදි සුදුසු තෝරා ගැනීමේ ක්‍රමවේද අනුගමනය කිරීමත් අනෙකුත් සියලු සේවා කාණ්ඩ සඳහා විධිමත් තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මඟින් පමණක් බඳවා ගැනීමටත් අනුමැතිය හිමි වූ බව හෙතෙම කීවේය.

ඒ අනුව යෝග්‍ය පරිදි දැනට පවතින අනුමත බඳවා ගැනීමේ පටිපාටි කඩිනමින් සංශෝධනය කිරීම හා 2025 පාදක වසර ලෙස සලකා ජීවන වියදම් දීමනා සඳහා සිදු කර ඇති විවිධ ගැළපීම් හා මේ වන විටත් එක් කොට ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කොට, සියලු රජයේ සේවකයන් සඳහා (සෑම වසර 03කටම වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව ලෙස මාසිකව රුපියල් 25,000ක් ගෙවීමටත් අනුමැතිය හිමි වූ බව ගුණවර්ධන මහතා පැවැසීය.

ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සියලු රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත් 2030 වන විට රාජ්‍ය සේවයේ සමස්ත සේවක මණ්ඩලය ලක්ෂ දහයක් (1,000,000) හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීමටත් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2025 සිට වසර 03ක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයේ හැකි සෑම ක්ෂේත්‍රයක් තුළම ඩිජිටල්කරණය (Digitalization) හා ස්වයංක්‍රියකරණය (Automation) තුළින් ඉලෙක්ට්‍රොනික පද්ධති මඟින් රාජ්‍ය පාලනය සඳහා ක්‍රමවේදයක් (E-Governance) හඳුන්වා දීම සහ ඒ සඳහා රාජ්‍ය ආයෝජනයේ ප්‍රමුඛතාව ලබාදීමත් රාජ්‍ය අංශයේ සියලු සේවකයන් හා විශ්‍රාමිකයන් ද ඇතුළත්ව මාසිකව අවම රුපියල් 1,000/-ක දායකත්වයක් සහිත වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ හිමි වන පරිදි වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් 2025 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය හිමිව ඇත.

හැකි සෑම අවස්ථාවකම බාහිර සේවා (Outsourcing) වැනි ක්‍රමවේද මඟින් රජයේ වැය බර අවම වන ලෙස කාර්යක්ෂමතාව උපරිම වන පරිදි නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවා ලබා ගැනීමත් හඳුනාගත් රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සීමිත පොදු සමාගම් (Public Liability Company) බවට පත් කිරීමේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය හිමිව තිබේ.

නිසි වැඩ අධ්‍යයනයක් සිදු කොට, සමස්ත රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩලවල හා සේවා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීමට 2025 වසර තුළ කටයුතු කිරීමටත් ඒ අනුව සියලු රාජ්‍ය සේවකයන් සඳහා කාර්යසාධක දර්ශක සකස්කොට, එහි ප්‍රගතිය පදනම් කර ගනිමින් වැටුප් වර්ධක ලබා දීමටත් අනුමැතිය හිමිව ඇත.

2020 වසරට පෙර විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරීන් හට හිමිකම් ලැබූ වැටුප් වර්ධක ලබා දී ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර අදාළ විෂමතා නිරවුල් කිරීමටත් විශ්‍රාමිකයන් සඳහා ජීවන වියදම් දීමනාව, සක්‍රිය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන ජීවන වියදම් දීමනාවෙන් 50%කට සමාන වන පරිදි 2025 ජනවාරි මස සිට ලබා දීමටත් අනුමැතිය හිමිව තිබේ.

දැනට පවතින බදු ප්‍රතිපත්තිය තුළම මෙම වියදම් කළමනාකරණය කිරීමට යටත්ව, මෙම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ යෝජිත වැටුප් ක්‍රමය 2025-01-01 දින සිට රාජ්‍ය මූල්‍ය අවකාශ ද සැලකිල්ලට ගෙන අදියරගතව ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා මූල්‍ය දෙපාර්තමේන්තුව ‘සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය’ විවෘත කරයි
Next Article යුරෝපයේ උණුසුම ඉහලට – 47,000 කට වැඩි පිරිසක් මරුට
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.