Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Air Line»SriLankan Airlines සහ flydubai අතර නව අන්තර් සබඳතා ගිවිසුමක්
Air Line

SriLankan Airlines සහ flydubai අතර නව අන්තර් සබඳතා ගිවිසුමක්

kumudikaBy kumudikaSeptember 9, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Sri Lankan Airlines සහ ඩුබායි පදනම් කරගත් ගුවන් සේවය වන flydubai අතර ශ්‍රී ලංකාවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ඉන් ඔබ්බට තෝරාගත් මාර්ග ඔස්සේ වැඩි සංචාරක අවස්ථා හඳුන්වා දෙමින් අද දින (09) අන්තර් සම්බන්ධතා ගිවිසුමක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම අන්තර් සම්බන්ධතා ගිවිසුම මගින් Sri Lankan ගුවන් සේවය සමඟ ගමන් කරන මගීන්ට ඩුබායි ගුවන් මධ්‍යස්ථානය හරහා අප්‍රිකාව, මධ්‍යම ආසියාව, මධ්‍යම සහ අග්නිදිග යුරෝපය මෙන්ම මැදපෙරදිග යන රටවලට flydubai ක්‍රියාත්මක වන ගමනාන්ත 30කට අධික සංඛ්‍යාවකට බාධාවකින් තොරව සම්බන්ධ වීමට හැකි වේ. මෙයට Bucharest, Istanbul, Krakow, Mombasa, Naples, Sofia, Tashkent සහ Zanzibar වැනි සුවිශේෂී නිවාඩු ගමනාන්ත ඇතුළත්ය.

මීට අමතරව, මෙල්බර්න්, සෝල්, සිංගප්පූරුව සහ ටෝකියෝ ඇතුළු දකුණු සහ නැගෙනහිර ආසියාව, මැදපෙරදිග සහ ඕස්ට්‍රේලියාව පුරා විහිදෙන ශ්‍රී ලංකන් ජාලයේ ගමනාන්ත 16කට flydubai මගීන්ට ප්‍රවේශය මෙම අන්තර් සබඳතාව මඟින් ලබා දෙනු ඇත.

Sri Lankan Airlines සහ Flydubai ඔවුන්ගේ වටිනා ගනුදෙනුකරුවන් සඳහා පහසු සහ විශ්වාසදායක සංචාරක විසඳුම් ලබා දීමට කැපවී සිටිති.
අන්තර් සම්බන්ධිත ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් flydubai හි ප්‍රධාන විධායක නිලධාරී Ghaith Al Ghaith මහතා පැවසුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සහ සංචාරක සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් SriLankan Airlines සමඟ ඇති කරගත් නව අන්තර් සම්බන්ධතා ගිවිසුම පිළිබඳව සතුටට පත්වන බවයි.

2010 වසරේ දී Flydubai සේවය ශ්‍රී ලංකාව සමඟ සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
නව ගිවිසුම මගින් මගීන්ට තනි ප්‍රවේශ පත්‍ර ගමන් මාර්ග, පරීක්ෂා කරන ලද ගමන් මලු සහ සංචාරකයින් සඳහා සම්බන්ධීකරණ කල ගුවන් ගමන් කාලසටහන් ආශ්‍රිත පහසුව ලබා දෙනු ඇත.

Sri lankan Airlines සහ Flydubai අතර ගිවිසුම යටතේ අන්තර් සම්බන්ධිත ගුවන් ගමන් දැන් අදාළ ගුවන් සේවා වෙබ් අඩවි වන www.srilankan.com සහ www.flydubai.com හරහා මෙන්ම සංචාරක නියෝජිතයින් සහ online සංචාරක නියෝජිතායතන හරහා වෙන්කරවා ගැනීමට හැකියි.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මෙට්‍රෝ Nol වට්ටම්, නොමිලේ අයිස්ක්‍රීම් සමඟ 15 වන සංවත්සරය සමරයි
Next Article පාස්පෝට් මාෆියාවක් – විදේශ ඇමතිගෙන් හෙළිදරව්වක්
kumudika

Related Posts

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.